පසු කොවිඩ් සමයේ රාජකාරි ජීවිතේ…..

41

කොවිඞ් 19 වසංගත තත්ත්වය නිසා ලොව පුරා සිදු වූ සමාජ විපර්යාසයන් තුළින් පුද්ගලයා තුළ නිර්මාණය වූ ආකල්පමය වෙනස, යහපත් රටක් නිර්මාණය කරන්නට සවියක් වනු ඇත. නව ආකල්ප, නව චින්තනය, නව දැක්ම සමගිනුයි බොහෝ දෙනා තම ජීවන චාරිකාව වෙත නැවතත් යොමු වන්නේ. මෙවැනි තත්ත්වයක් තුළ අප සිතන පතන ආකාරයටම සෑම කාර්යයක්ම සිදු වේ යැයි විශ්වාසය තැබීම අසීරුය. නමුත් සිදුව පවතින සමාජ, ආර්ථික, සංස්කෘතික සහ දේශපාලනමය වෙනස්කම් හඳුනාගෙන නව ජීවයක් තුළින් ලාංකීය පුරවැසියන් ලෙස සවිමත් වීම අප වෙත පැවරී ඇති වගකීමකි. කොවිඞ් 19 තත්ත්වය හේතුවෙන් බිඳවැටුණු මිනිස් සිත, මිනිස් සිතේ හටගත් තනිකම, කාංසිය, අවිනිශ්චිත බව දුරු කරගනිමින් අප නැවත අපගේ සාමාන්‍ය ජීවන රටාවට හුරුවිය යුතුව ඇත. මේ සඳහා පුද්ගලයා විසින් ආකල්පමය වෙනසක් ඇති කර ගත යුතුව තිබේ. මේ සඳහා ක‍්‍රීඩා සහ විශ‍්‍රාන්තිය මගින් ලබා ගත හැකි ආදර්ශයන් මොනවාද? කොවිඞ් සමය තුළින් අප උගත් දෑ සමග නව ජවයකින් යුතුව අප ක‍්‍රියා කරන්නේ කෙසේද? කොවිඞ් සමය තුළ ලබා දුන් විවේකය, නව ජවයක් කර ගනිමින් ආයතනයක් තුළ කටයුතු කරන්නේ කෙසේද? යන්න පිළිබඳවත් මෙම ලිපිය මගින් වැඩිදුරටත් සාකච්ඡුා කෙරේ.

 පශ්චාත් කොවිඞ් සමය තුළ සෘණාත්මක බලපෑම් හේතුවෙන් මිනිසුන් නොනැසී ජීවත් වීමට වෙරදැරූ ආකාරයත්, ඒ වෙනුවෙන් රටේ සෞඛ්‍ය අංශ, ආරක්‍ෂක අංශ, ජනමාධ්‍ය මූලික කරගත් රාජ්‍ය යාන්ත‍්‍රණය, ලාංකීය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරන්නට දැක්වූ උත්සාහයන්හි ප‍්‍රතිඵලයක් ලෙස ක‍්‍රම ක‍්‍රමයෙන් එදිනෙදා කාර්යයන් ඉටු කර ගැනීමට පසුබිම සැකසෙමින් පවතිනු ඇත. යුහුසුළුව ප‍්‍රජාව දැනුවත් කිරීම, සෞඛ්‍ය නිර්දේශයන් ක‍්‍රියාවට නැංවීම, විශේෂ ආචාරධර්මයන් හඳුන්වාදීම, නීතිරීති අණපනත් යාවත්කාලීන කිරීම, ප‍්‍රතිපත්තිමය තීරණයන් ගැනීම යනාදී අත්‍යාවශ්‍ය කාර්යයන් බොහොමයක් සඳහා රාජ්‍ය නායකත්වය ප‍්‍රමුඛව ක‍්‍රියා කළ ආකාරයන් තුළින් උචිත පරිසරයක් නිර්මාණය වූ බව පැහැදිලි විය. මේ

 සඳහා රටේ ජනතාව අතරින් බහුතරයක් සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යමින් වසංගතය ව්‍යාප්තිය අවම කර ගැනීමට සිය වගකීම් ඉටු කළ බව පසක් විය. මේ සියලූ ආදර්ශයන් සමගින් අපි කොවිඞ් 19 වසංගත පරදා යළි නැගී සිටීමට නම්, ජනතාවගේ වගකීම් සහගත බව ඊයේ, අද මෙන්ම හෙටත් අවශ්‍යව ඇති බව සිහිපත් කළ යුතුය.

 මේ සඳහා අපි විශ‍්‍රාන්තිය නමැති සංකල්පය ඔස්සේ ගොඩ නැගෙන ක‍්‍රියාවලියකට යොමු වීම කාලීන අවශ්‍යතාවක්ව පවතින බව සඳහන් කළ යුතුය. ක‍්‍රීඩා සහ විශ‍්‍රාන්ති ක‍්‍රියාකාරකම් සියල්ලකින්ම සිදු වන්නේ නව ජීවයක් පුද්ගලයා තුළ ඇති කිරීමකි. එය පුද්ගලයාගේ කායික සුවතාව, මානසික සුවතාව සහ අධ්‍යාත්මික සුවතාව ගොඩනැගීමේ ක‍්‍රියාවලියකි. විශ‍්‍රාන්තිය හඳුන්වන Recreare යන ඉංග‍්‍රීසි වචනය ලතින් බසෙන් බිඳී ආවකි. එම ලතින් වචනයෙන් recreation (විශ‍්‍රාන්තිය) යන යෙදුම සකස් විණි. ඒ වචනය තුළින් නැවත උත්පාදනය කිරීමක්, නැවුම් මුහුණුවරක් ගැනීමක්, සොම්නස, සතුට යනාදී අර්ථ උත්පාදනය කෙරේ. මේ සඳහා මානසික ක‍්‍රියාවලිය හා බැඳුණු විවිධ ස්වභාවයන් මෙන්ම ශාරීරික ක‍්‍රියාකාරකම් ද මේ සඳහා බලපානු ලබයි. ඒ අනුව විශ‍්‍රාන්තිය යන්න පුද්ගල පැවැත්මේ සරල බව, සැහැල්ලූ බව, නව ජවයකින් යුතුව ක‍්‍රියාකිරීමට ඇති හැකියාව, පුද්ගලයකුට නව ජීවයකින් යුතුව ප‍්‍රීති ප‍්‍රමෝදයෙන් කටයුතු කිරීමට ඇති හැකියාව ආදී වශයෙන් අර්ථ දැක්විය හැකිය.

 ආයතනික කළමනාකරණ ක‍්‍රියාවලියේදී අපට ”විශ‍්‍රාන්තිය” භාවිතයට ගත හැකිය. ආයතනයක සාමාජිකයන් තුළ විශ‍්‍රාන්තිය මගින් ඇති කරන අභිපේ‍්‍රරණ ක‍්‍රියාවලිය මගින් එම ආයතනයේ කාර්යක්‍ෂමතාව ඉහළ නංවා ගැනීමට හැකිවනු ඇත. කාර්යක්‍ෂමතාව වැඩි කිරීම සඳහා සුවතාව, යහජීවනය, ක‍්‍රියාකාරීබව, නිපුණතාව සහ පළපුරුද්ද අත්‍යාවශ්‍ය වනු ඇත. මේ සියලූ ගුණාංගයන් ක‍්‍රියාත්මක වන්නේ චක‍්‍රයක් මෙනි. එහි එක් අවස්ථාවක් හෝ අක‍්‍රීය වූ විට මෙම යාන්ත‍්‍රණයෙන් ලැබෙන ඵලදායීතාව අඩු වන ඇත. ඒ නිසා කොව්ඞ් 19 සමග නිර්මාණය වූ ආයතනික කළමනාකරණ පරිසරයට සේවකයින් මෙන්ම අනෙකුත් සම්පත්දායකයන් සඳහා වන විශ‍්‍රාන්තිය පිළිබඳ අවධානය යොමු කිරීමත්, කළමනාකරණ ක‍්‍රියාවලියේ ප‍්‍රධාන මෙවලමක් බවට විශ‍්‍රාන්තිය භාවිත කිරීම මගින් වඩාත් ඵලදායි ආයතන පරිසරයක් නිර්මාණය කරදීම සඳහා පිටිවහලක් වන බව සඳහන් කිරීමට කැමැත්තෙමි.

 කොවිඞ් 19 නිසා සෑම පුද්ගලයකුගේ ආහාර රටාවන් දින චර්යාවන් සහ ආකල්පමය වෙනසක් ඇති වූ බව අපට පැහැදිලිය. මේ තත්ත්වයන් තුළ වෘත්තීය ජීවිතය ගත කළ පිරිස නැවතත් රැුකියාවට අවතීර්ණ වීමේදී, පැවති ආයතනික පරිසරය සහ කොවිඞ් 19 සමග නිර්මාණය වූ ආයතනික පරිසරය බොහෝ සෙයින් වෙනස් වී ඇත. මේ වෙනස් වූ ආයතනික පරිසරයට පුද්ගලයා අනුගත වීමේදී වැදගත් වන විශ‍්‍රාන්ති ගුණාංගය හයක් දැක්විය හැකිය. එනම් වඩා හොඳ සෞඛ්‍ය, වඩා හොඳ ශරීර සුවතාවය, වඩා හොඳ පෝෂණය, වඩා හොඳ පෙනුම, වඩා හොඳ නින්ද සහ වඩා හොඳ සිහිය සෑම වෘත්තිකයකුගේ සාර්ථක වෘත්තිය ජීවිතයට බලපානු ඇත. එය ආයතනයක අරමුණු ඉටු කර ගැනීම සඳහා සෘජුවම බලපානු ඇත. මේ නිසා විශ‍්‍රාන්තිය තුළ අන්තර්ගතව පවතින මෙම ගුණාංගයන් භාවිත කරමින් තම ආයතනයේ කාර්ය මණ්ඩලය සඳහා වැඩ පැවරීම්, කාල සටහන සකස් කිරීම්, ප‍්‍රමාණවත් විවේකය, ඉලක්ක ලබාදීම් මෙන්ම වගකීම් සහ වගවීම් පිළිබඳ නිර්ණායකයන් යාවත්කාලීන කිරීම අනිවාර්යයෙන් සිදු කළ යුතුව පවතී. ඒ අනුවයි කොවිඞ් 19 සමග ආරම්භ කෙරෙන ආයතනික කළමනාකරණය වඩාත් ඵලදායී සේවාවක් ලබා ගැනීම වෙනුවෙන් භාවිත කළ හැකි වනු ඇත. ඒ නිසා විශ‍්‍රාන්තිය මගින් ලබා ගන්නා ආයතනික යහජීවන සංකල්පය ආයතනයන් තුළ අඛණ්ඩව පවත්වා ගෙන යෑම, කොවිඞ් 19 තුළ ආයතනික කළමනාකරණයේ දී වැදගත් වන විශ‍්‍රාන්ති සංකල්පය බවත් වැඩිදුරටත් අවධාරණය කරමි.

 කොවිඞ් 19 සමග පුද්ගලයා තුළ නිධන්ගත වූයේ, විනෝදය, සැහැල්ලූව, විවේකය, අභිබවා ගිය භීතිකාවයි. ඒ අනුව මෙම මානසික තත්ත්වයන් පිළිබඳව අවබෝධය ඕනෑම ආයතනයක සාර්ථකත්වය බලපානු ඇත. විශේෂයෙන් කොවිඞ් 19 පිළිබඳව තවමත් සමාජයේ පවතින්නේ කුතුහලයකි. මේ නිසා එකිනෙකා සමග ආයතනික කටයුතු සිදු කිරීමේදී අනපේක්‍ෂිත ගැටලූ නිර්මාණය වීමේ ඇති හැකියාව බොහෝය. සමාජ දුරස්ථභාවය නමැති සංකල්පය මේ සඳහා බලපා ඇති වැදගත් නිර්ණායකයකි. ඒ නිසා පවතින සෞඛ්‍ය නිර්ණායකයන් අඛණ්ඩව පවත්වාගෙන යෑම ආයතන කළමනාකරණයේදී මතුවන තවත් වැදගත් ප‍්‍රපංචයකි. ආයතනයක් තුළ අනපේක්‍ෂිත අයුරින් නිර්මාණය වන මෙවැනි සංකූලතාවන් මගහරවා ගැනීම සඳහා විශ‍්‍රාන්තියෙහි ඇති උපයෝගීතාව වඩාත් යුහුසුළුව භාවිතයට ගත යුතුව ඇත. මේ සඳහා සේවක කාර්ය සාධනය කෙරෙහි, සේවා ස්ථානයේ ඇති විනෝදාස්වාදයේ බලපෑම මත එය තීරණය කිරීමට සිදු වනු ඇත. ඒ නිසා රැුකියා තෘප්තිය සේවා ගුණාත්මකභාවය මෙන්ම පාරිභෝගික තෘප්තිය සහ සේවකයා යන අංශ ආවරණය කිරීමට උපකාරී වනු ඇත. එය ආයතනයේ ඵලදායීතාව ඇති කිරීමට උපකාරී වන සේවක සුවතාව පිළිබඳව වන අවස්ථාවන් වැඩි කිරීමටත්, නව ආයතනික පරිසරයට කඩිනමින් සේවකයා අනුගත කරවීමටත් භාවිත කළ හැකි උපායශීලී ආයතන කළමනාකරණ ක‍්‍රමයකි. විශේෂයෙන් ආයතනයක මානව සම්පත් කළමනාකරුවන්ගේ අවධානය මේ පිළිබඳව යොමු කිරීම කාලෝචිතය. ඒ අනුව ආයතනය උසස් මට්ටමකට ළඟාවීම සඳහා වන සේවක හා සංවිධාන කාර්ය සාධනය සඳහා සාර්ථකව දායක වීමටත් ඒ තුළින් කොවිඞ් 19 අභියෝගයන් අවස්ථාවන් බවට පරිවර්තනය කර ගැනීමටත් මේ අනුව හැකිවනු ඇත. සේවක සුභසාධන කටයුතු විශ‍්‍රාන්තිය සඳහා වන වැදගත් සමාජ උත්පේ‍්‍රරකයකි.

 කොවිඞ් 19 සමග යොමු වන ආයතනික කළමනාකරණයේ මීළඟ අභියෝගය වන්නේ අන්තර් පුද්ගල සබඳතාවන්හි ඇති වූ දුරස්ථභාවය සහ භීතිකාවයි. යම් අයෙකු මෙම රෝගී තත්ත්වයට පත්ව, නැවත සුව වී සේවයට වාර්තා කළ පසුව බොහෝ විට අන්තර් පුද්ගල සබඳතාවන් අකර්මණ්‍ය වනු ඇත. එවැනි තත්ත්වයක් තුළ කටයුතු කිරීම ආයතන කළමනාකරුට වන තවත් අභියෝගයකි. ආයතනයක කාර්ය සාධනය වැඩි දියුණු කිරීමේ ශක්ති ප‍්‍රභවයක් ලෙස සාමූහිකත්වයෙන් කටයුතු කිරීම/කණ්ඩායම් ක‍්‍රියාකාරීත්වය භාවිතා කරනු ඇත. නමුත් කොවිඞ් 19 මෙම සාමූහිකත්වය බිඳ දැමීමට සෘජුවම සම්බන්ධ බව හැෙඟනු ඇත. ඒ නිසා විශ‍්‍රාන්තිය තුළදී භාවිතයට ගනු ලබන යහපත් සෞඛ්‍ය පුරුදු සහ විනය පිළිබඳව අවධානය යොමු කරමින් රැුකියා ස්ථානයේ ආරක්‍ෂාකාරී පියවරයන් පිළිබඳව සේවකයින් තුළ විශ්වාසය ඇති කිරීමට උචිත වටපිටාව නිර්මාණය කර දිය යුතුව පවතී. සනීපාරක්‍ෂක පහසුකම් මෙන්ම ආහාරපාන අලෙවි අවස්ථා යනාදීය පිළිබඳවත් එහි ඇති නිදහස්බව, පිරිසිදුබව සහ පිළිවෙළ සේවක ආකර්ෂණය දිනා ගැනීමටත් සේවක අන්තර් සම්බන්ධතාවන් වඩාත් ශක්තිමත් කිරීමටත් හැකියාව ලැබෙන බව සඳහන් කළ යුතුය. ඒ මගින් සේවකයා තම උපරිම හැකියාවෙන් වැඩ කිරීම සිදු වන බවට වන සහතිකය ආයතනය වෙත ලැබෙනු ඇත.

 කොවිඞ් 19 වසංගතය තුළින් ප‍්‍රායෝගිකව අත්විඳි සරලත්වය පිළිබඳ පාඩම ආයතනික දියුණුවට පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතය තුළද නොනවත්වා ක‍්‍රියාවට නැංවිය යුතු, පුරුදු පුහුණු කළ යුතු කාර්යයක් ලෙස සිහිතබා ගනිමින් කටයුතු කිරීම අප සැමගේ වගකීමක් මෙන්ම වගවීමක් බවත් සිහිපත් කළ යුතුය. කොවිඞ් 19 සමග ගත කරමින් වසර එකහමාරකට අධික කාලයක් අප සැවොම විශ‍්‍රාන්තිය ප‍්‍රගුණ කළ අද්දැකීම් සහිත පිරිසක් ලෙසයි කොවිඞ් 19 සමග වෘත්තීය ජීවිතයට නැවතත් අප අවතීර්ණ වී ඇත්තේ. ඒ නිසා භීතියෙන් තොර මානසික සුවතාවක් ඇති කර ගැනීමට අප සැවොම සිහිතබා ගැනීම, ශ‍්‍රී ලංකාව ස්වයං පෝෂිත දේශයක් වෙනුවෙන් ගෙන යන ක‍්‍රියාදාමයට පුරවැසියන් ලෙස අප සිදු කරන යහපත් ආයෝජනයක් වනු ඇත. ආයතන තුළ පමණක් නොව සැබෑ ජීවිතයන් සඳහා ද විශ‍්‍රාන්තියෙන් ලබන නව ජීවය, සුවතාවය, නැවුම්බව, නව ජවය සමගින් පෙරට යන කොවිඞ් 19 අවස්ථාවක් කර ගත් ආදර්ශමත් පුරවැසියන් බවට

 පත් වීමට විශ‍්‍රාන්ති සංකල්පය ආදර්ශයන් මෙන්ම මාර්ගෝපදේශකත්වය ද ලබා දී ඇත. අප කළ යුත්තේ කොවිඞ් 19 සමග ලබා ගත් අමිහිරි මතකයන් අමතක කිරීමට වෙරදැරීම නොව, ඒ තුළින් අප පුරුදු පුහුණ කළ යහපත් චර්යාවන් සමග වෘත්තිය ජීවිතයට පිවීසීම බව සිහිපත් කිරීමට කැමැත්තෙමි. කොවිඞ් 19 අභියෝග ජය ගනිමින් ආයතනික කළමනාකරණය උසස් මට්ටමට පවත්වාගෙන යාමට ”විශ‍්‍රාන්තිය” කළමනාකරණ මෙවලමක් ලෙස භාවිතයට ගැනීමට හැකිය.

 කොවිඞ් 19 වසංගතය තුළින් ප‍්‍රායෝගිකව අත්විඳි සරලත්වය පිළිබඳ පාඩම ආයතනික දියුණුවට පමණක් නොව අපගේ එදිනෙදා ජීවිතය තුළද නොනවත්වා ක‍්‍රියාවට නැංවිය යුතු, පුරුදු පුහුණු කළ යුතු කාර්යයක් ලෙස සිහිතබා ගනිමින් කටයුතු කිරීම අප සැමගේ වගකීමක් මෙන්ම වගවීමක් බවත් සිහිපත් කළ යුතුය. කොවිඞ් 19 සමග ගත කරමින් වසර එකහමාරකට අධික කාලයක් අප සැවොම විශ‍්‍රාන්තිය ප‍්‍රගුණ කළ අද්දැකීම් සහිත පිරිසක් ලෙසයි කොවිඞ් 19 සමග වෘත්තීය ජීවිතයට නැවතත් අප අවතීර්ණ වී ඇත්තේ. ඒ නිසා භීතියෙන් තොර මානසික සුවතාවක් ඇති කර ගැනීමට අප සැවොම සිහිතබා ගැනීම, ශ‍්‍රී ලංකාව ස්වයං පෝෂිත දේශයක් වෙනුවෙන් ගෙන යන ක‍්‍රියාදාමයට පුරවැසියන් ලෙස අප සිදු කරන යහපත් ආයෝජනයක් වනු ඇත. ආයතන තුළ පමණක් නොව සැබෑ ජීවිතයන් සඳහා ද විශ‍්‍රාන්තියෙන් ලබන නව ජීවය, සුවතාවය, නැවුම්බව, නව ජවය සමගින් පෙරට යන කොවිඞ් 19 අවස්ථාවක් කර ගත් ආදර්ශමත් පුරවැසියන් බවට පත් වීමට විශ‍්‍රාන්ති සංකල්පය ආදර්ශයන් මෙන්ම මාර්ගෝපදේශකත්වය ද ලබා දී ඇත.

පසු කොවිඩ් සමයේ රාජකාරි ජීවිතේ.....

ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය
 අනෝමා රත්නායක
 ක‍්‍රීඩා විද්‍යා සහ ශාරීරික අධ්‍යාපන අධ්‍යයන අංශය,
 සමාජීය විද්‍යා පීඨය
 කැලණිය විශ්වවිද්‍යාලය

advertistmentadvertistment