සැකකාර මවගේ අනියම් සැමියාත් ගෙලවැලලාගෙන
වයස අවුරුදු තුනහමාරක පිරිමි දරුවෙකුට නිදි යහනේදී පහරදී ගෙල මිරිකා ඝාතනය කළ සැකකරුවෙකු ගෙලවැලලාගෙන මියගොස් ඇතැයි මීගහතැන්න පොලිසිය පවසයි.

වයස අවුරුදු තුනයි මාස හයක් වයසැති එම්.නෙතුම් සස්සර නමැති පිරිමි දරුවෙකු සහ හලෝවිට හේවගේ සචිත්ත නමැති 21 හැවිරිදි පුද්ගලයෙකු මෙසේ මියගොස් ඇතිබව පොලිසිය කීය.
මියගොස් ඇති දරුවාගේ මව පියාගෙන් වෙන්ව ගෙලවැලලාගෙන මියගොස් ඇති පුද්ගලයා සමග එකට ජීවත්වන බවද සඳහන් වේ.
ඇය ඊයේ (12) උදෑසන සිය 10 හැවිරිදි දරුවා පාසලට ඇරලවා නිවසට පැමිණෙන අතරතුර ඝාතනය සිදුව ඇති බවට මෙතෙක් කළ පරීක්ෂණ වලදී තහවුරුව ඇතැයි පොලිසිය කීය.
දරුවාගේ මළසිරුර මීගහතැන්න ප්‍රාදේශීය රෝහලේ තැන්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කළුතර ශික්ෂණ රෝහල වෙත යොමුකිරීමට නියමිත බව රෝහලේ ප්‍රකාශයකයෙක් පැවසීය.
මහෙස්ත්‍රාත් පරීක්ෂණය සහ කළුතර අපරාධ ස්ථාන පරීක්ෂණාගාර නිලධාරීන් පරීක්ෂණ පැවැත්වීමට නියමිතව තිබුණි.
කළුතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහතාගේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.එස්. චම්මික මහතාගේ ප්‍රධානත්වයෙන් පරීක්ෂණ පවත්වයි.
ආර්. ඒ. එස්. ප්‍රේමතිලක බණ්ඩාරගම