පහර කෑමට ලක්ව කෘෂි පීඨයේ සිසුහු තුනක් රෝහලේ

132

ශ්‍රී ලංකා සබරගමුව විශ්වවිද්‍යාලයේ කෘෂි විද්‍යා පීඨයේ දෙවන වසරේ සිසුන් පිරිසකට එම පීඨයේම සිසුන් පිරිසක් විසින් පහරදීම හේතුවෙන් සිසුන් දෙදෙනකු හා එක් සිසුවියක් තුවාල ලබා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර ඇත. මේ පිළිබඳව පරීක්ෂණ මෙහෙයවන සමනලවැව පොලිසියේ ස්ථානාධිපතිවරයා ප්‍රකාශ කළේ ඉකුත් 9 වැනිදා රාත්‍රියේ මෙම ගැටුම විශ්වවිද්‍යාල ආපන ශාලාව තුළදී සිදු වූ බවයි. පහරදීමට පැමිණි පිරිස එක්වරම විදුලිය විසන්ධි කර අනතුරුව පොලුවලින් පහර දී ඇති බවට පහරකෑමට ලක්වූ පාර්ශ්වයේ සිසුන් පොලිසියට ප්‍රකාශ කර ඇත. වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.

බලන්ගොඩ – එන්. එච්. පියසේන

advertistmentadvertistment
advertistmentadvertistment