පළමු උප ජනපති මොක්බර් ඉරානයේ ජනපති පුටුවට

181

දින 50ක් තුළ ජනාධිපතිවරණයක්

මියගිය ඉරාන ජනාධිපති රයිසිගේ තනතුරට ඉරානයේ පළමු උප ජනාධිපති මොහොමඩ් මොක්බර් පත්වීමට නියමිතව ඇතත් මීළඟ ජනාධිපති ධුරය සඳහා ස්ථිර අයකු තෝරා පත්කර ගැනීම සඳහා ව්‍යවස්ථාවට අනුව ඉදිරි දින 50 තුළ ජනාධිපතිවරණයක් පැවත්වීමට නියමිත බව විදෙස් මාධ්‍ය පවසයි.

මේ අතර ඉරානයේ උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනි එරට ජනාධිපති ඒබ්‍රහිම් රයිසිගේ අභාවය නිමිත්තෙන් රට තුළ දින පහක ශෝක කාලයක් ප්‍රකාශ කර තිබේ.

ඉරාන ජනාධිපති රයිසිගේ අභාවය සම්බන්ධයෙන් රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් හා චීන ජනාධිපති සී ජින් පින් සිය බලවත් ශෝකය පළ කර තිබේ. ජනාධිපති රයිසි රුසියාවේ සැබෑ මිතුරකු මෙන්ම විශිෂ්ට රාජ්‍ය නායකයකු බව රුසියානු ජනපති පුටින් ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ. චීන ජනාධිපතිවරයා ශෝක පණිවිඩයක් නිකුත් කරමින් පවසා ඇත්තේ රයිසි චීන ජනතාවගේ මිතුරෙකු බවයි.

ඒමන්ති මාරඹේ

advertistmentadvertistment
advertistmentadvertistment