විදෙස් පුවත් ප්රංශ ජනපති මාර්කෝන්ගේ ප්රතිපත්තිවලට එරෙහිව විරෝධතාකරුවෝ පොලිසිය සමඟ ගැටෙති. By [email protected] - May 3, 2022 198 Share Facebook Twitter Pinterest WhatsApp 54ක් අත්අඩංගුවට පැරිසියේ පැවැති මැයි දින රැලියේදී කලබලකාරීන් පිරිසක් සාප්පු සංකීර්ණවලට පහර දෙමින් ජනපති එමානුවෙල් මාර්කොන් ඉල්ලා අස්විය යුතු බවට පැවසීම නිසා ඇති වූ අරාජික තත්ත්වය පාලනය කිරීමට පොලිසිය කඳුළු ගෑස් ප්රහාර එල්ල කර ඇත. මෙම කලබල ඇති කළ 54ක් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඒ අතර ගින්නක් නිවීමට උත්සාහ කළ ගිනි නිවන භටයෙකුට බාධා කළ කාන්තාවක්ද වේ. පොලිසිය සහ කලබලකාරීන් අතර රිපබ්ලිකන් චතුරශ්රයේදී ගැටුමක්ද ඇති වී තිබේ. ලිලි කැන්වස් ටුලොස් සහ මාර්සේල් යන නගරවලදී කලබල ඇති වූ බව වාර්තාවේ. අධික ජීවන වියදම නිසා වැටුප් වැඩිකරන ලෙසද විරෝධතාකරුවන් ඉල්ලා ඇත.