ප්‍රචාරක වැඩ අස්සේ මහ මැතිවරණ සිනාත්

140

ජනාධිපතිවරණයේ දී තමන් සහයෝගය ලබාදෙන අපේක්ෂකයාගේ මැතිවරණ ප්‍රචාරක කටයුතු සිදුකරන අතරේදීම ආණ්ඩු පක්ෂයේ හා විපක්ෂයේ ඇතැම් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණය ඉලක්ක කරගෙන තම මැතිවරණ ප්‍රචාරක කටයුතු ආරම්භ කර ඇති බැව් දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙකී තත්ත්වය හමුවේ එකම පක්ෂයේ මන්ත්‍රීවරුන් අතර නොයෙකුත් මත ගැටුම් ඇති වී තිබේ. එමෙන්ම පක්ෂ මාරු කරනු ලැබූ මන්ත්‍රීවරුන්ට ප්‍රධාන දේශපාලන පක්ෂවල සිටින ජ්‍යෙෂ්ඨ මන්ත්‍රීවරුන්ගේ කැපිලි කෙටිලිවලට මේ නිසා ලක්වීමට සිදුවී ඇති බව ද දේශපාලන ආරංචි මාර්ග සඳහන් කරයි.

පිල්මාරු කරනු ලැබූ මන්ත්‍රීවරුන් නිසා ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී තමන්ට ජයග්‍රහණය කිරීමට අපහසු බව සිතන ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන ඇතැම් මන්ත්‍රීවරුන් දැඩි කැළඹීමට පත්ව ඇති බව ද වාර්තා වේ.

එම නිසා ඇතැම් දිස්ත්‍රික්කවල ජනාධිපතිවරණ ප්‍රචාරක රැලිවල දී පිල්මාරු කරනු ලැබූ ඇතැම් මන්ත්‍රීවරුන්ට කතා ලබා නොදීමට එක්තරා දේශපාලන පක්ෂයක ජ්‍යෙෂ්ඨයින් කටයුතු කර ඇති බව ද පැවසෙයි. ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයේ දී පිල් මාරු කරනු ලැබූ මන්ත්‍රීවරුන් සහ ප්‍රධාන දේශපාලන පක්ෂ නියෝජනය කරන මන්ත්‍රීවරුන් හා සංවිධායකවරුන් අතර මනාප ගැටුම උග්‍ර විය හැකි බව ද දේශපාලන නිරීක්ෂකයෝ පවසති.

ලලිත් චාමින්ද

advertistmentadvertistment
advertistmentadvertistment