ප්‍රජාතන්ත්‍රවාදී රටක නාමයෝජනා අවලංගු කරන්න කැබිනට් මණ්ඩලයට බෑ – ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක

53

මැතිවරණයක් කල්දැමීම, නාමයෝජනා අවලංගු කිරිම කැබිනට් මණ්ඩලයට තීරණය කළ නොහැකි බවත්, එම කටයුතු සිදුකළ යුත්තේ මැතිවරණ කොමිසම බවත් මේ සම්බන්ධයෙන් මැතිවරණය කොමිසම වහාම ප්‍රකාශයක් නිකුත් කළ යුතු බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී ස.ජ.බ ජාතික සංවිධායක තිස්ස අත්තනායක මහතා පැවැසීය.

කොළඹ විපක්ෂ නායක කාර්යාලයේ ඊයේ (16 දා) පැවැති මාධ්‍ය හමුවට සහභාගී වෙමින් තිස්ස අත්තනායක මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා මෙසේද පැවැසීය.

“පළාත් පාලන මැතිවරණයේ නාමයෝජනා අවලංගු කිරීම පිළිබඳව සලකා බලන්න කැබිනට් මණ්ඩලය තීරණය කළ බව ඇමැති බන්දුල ගුණවර්ධන කැබිනට් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කරනවා. එය බරපතළ ප්‍රකාශයක්. ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමවේදයක් තිබෙන රටක, නිදහස් සාධාරණ මැතිවරණ කොමිසමක් තිබෙනවා යැයි කියන රටක නාමයෝජනා කැඳවීම හෝ අවලංගු කිරීම කැබිනට් මණ්ඩලය කොහොමද තීරණය කරන්නේ. ඒක මැතිවරණ කොමිසම තිරණය කළ යුතු කාරණයක්. මැතිවරණ කල් දා තිබෙන්නේ මැතිවරණ කොමිසමේ අවශ්‍යතාවක් නිසා නෙවෙයි. ආණ්ඩුව මැතිවරණ ප්‍රතිඵලයට බයේ තමයි පළාත් පාලන මැතිවරණය නොපැවැත්වීමට කටයුතු කළේ. වසරකට වැඩි කාලයක් පළාත් පාලන මැතිවරණය නොපැවැත්වෙනවා. පළාත් පාලන මැතිවරණය නොපවත්වා ඉන්න ආණ්ඩුවට පුළුවන්ද?

ආණ්ඩක්‍රම ව්‍යස්ථාවේ ජනතාවට ලබාදී ඇති ඉහළ අයිතිය ඡන්ද අයිතිය. සර්වජන ඡන්ද අයිතිය කැබිනට් මණ්ඩලය උදුරා ගන්න බෑ. සර්වජන ඡන්ද අයිතිය ජනතාවට තිබෙන මූලික අයිතිවාසිකම්වලින් එකක්. ඒ අයිතිය රජය විසින් පැහැරගෙන තිබෙනවා. පළාත් පාලන මැතිවරණය සහ පළාත් සභා මැතිවරණය මේ වනවිට නොපවත්වා සිටින්න ආණ්ඩුව කටයුතු කරලා තිබෙනවා. මෙය බරපතළ වරදක්. සර්වජන ඡන්ද අයිතිය ආණ්ඩුව හිතාමතාම පැහැරගෙන තිබෙනවා. එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝණය කිරීමක්.

පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා දුන්න විශාල පිරිසක් සිටිනවා. ඔවුන් භාර දුන්න ඇප මුදල් විශාල ප්‍රමාණයක් වසරකට වැඩි කාලයක් රඳවාගෙන තියාගෙන තිබෙනවා. ඒ හරහා නාමයෝජනා භාරදුන් පිරිසට විශාල පාඩුවක් සිදුවුණා. මැතිවරණ කොමිසම ඒ සඳහා වියදම් කරපු මුදල්. මේ හරහා විශාල මුදල් නාස්තියක් සිදුවෙලා තිබෙනවා.

advertistmentadvertistment
advertistmentadvertistment