ප්‍රජා පොලිස් එස්අයි හොර අරක්කු පෙරා මාට්ටු

120

කවරක්කුලම පොලිස් ස්ථානයේ සේවයෙහි නියුතුව සිටි ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ උප පොලිස් පරපරීක්ෂකවරයෙකු නීති විරෝධී මත්පැන් සහ පෙරීමේ උපකරණ තොගයක් සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත තිරප්පනේ පොලීසිය විසින් ඊයේ (19දා) සවස සැකපිට අත් අඩංගුවට ගෙන ඇත.

අනුරාධපුර කොට්ඨාසය භාර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරී තිළිණ හේවාපතිරණ මහතාට ලද තොරතුරක් මත තිරප්පනේ පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් ඔහු මෙලෙස අත් අඩංගුවට ගෙන තිබේ.

සැකකරු මිහින්තලේ ඉහළගම නොච්ච්කුලම ප්‍රදේශයේ පදිංචි පනස් නව හැවිරිදි වියෙහි පසුවන අයෙකි.

advertistmentadvertistment
advertistmentadvertistment