ප්‍රතිජීවක ඖෂධයකට එරෙහිව පැමිණිල්ලක්

371

ජනාධිපති ලේකම් කාර්යාලයක් කැබිනට් මණ්ඩලයත් ජනාධිපති ලේකම් කාර්‍යාලයේ මහජන අභියාචනා කමිටු ලබා දෙන නිර්දේශ නොසලකා හරිමින් Cefuroxime ප්‍රතිජීවක ඖෂධ එන්නත් කුප්පි ලක්ෂ 25 ක් මිලදී ගැනීම සඳහා අදාළ ටෙන්ඩරය ඉදිරිපත් කොට ඇති සමාගම් වල සුදුසුකම් නිසි පරිදි පරික්ෂා පරික්ෂා කිරීමක් හෝ නවතම මිල ගණන් කැඳවීමකින් තොරව ඩොලර් සත විසි පහකට ලබාගැනීමට හැකියාවක් පවතින එන්නත් කුප්පියක් වෙනුවෙන් ඩොලර් සත 75 බැගින් ගෙවීම හරහා ශ්‍රී ලංකා රජයට රුපියල් මිලියන 500 ක පමණ අලාභයක් සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය උත්සාහ දරමින් සිටින බව සඳහන් කරමින් අදාළ ටෙන්ඩර් ක්‍රියාපටිපාටිය සම්බන්ධව පරීක්ෂණයක් පවත්වන ලෙසත් පරීක්ෂණ කටයුතු අවසාන වන තුරු ටෙන්ඩරය ඉදිරි ක්‍රියාමාර්ග අත්හිටුවන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් කරමින් වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය ජී ජී චමල් සංජීව මහතා සහ සිවිල් සංවිධාන බහුජන සංවිධාන නියෝජිතයෝ ඊයේ විශේෂ ඉල්ලීමක් සිදු කළහ.අදාළ ඖෂධ මිලදී ගැනීම සම්බන්ධයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේ විශේෂ මහජන පැමිණිලි කමිටුව ලබාගෙන නිර්දේශද මීට පෙර අවස්ථාවල දී ජනාධිපතිවරයා හා ජනාධිපතිවරයා ගේ ප්‍රධානත්වයෙන් පැවැති කැබිනට් මණ්ඩලය මඟින් ලබාදෙන ලද නිර්දේශ සහ මුදල් අමාත්‍යාශ උපදෙස් පවා නොසලකා හරිමින් සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් හදිසි ඖෂධ මිලදී ගැනීම් සඳහා යොමුවන බව පෙනෙන්නට ඇති බැවින් ඒ සම්බන්ධව විශේෂ විමර්ශනයක් සිදුකරන ලෙස ද මෙමගින් ඉල්ලා ඇත.දුෂන මර්දන ජාතික ව්‍යාපාරය ,මගෙන් රටට ජාතික ව්‍යාපාරය ,ජනතා පාර්ලිමේන්තුව, පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරයවෘත්තීය සහ සිවිල් සමිති නියෝජනය කරමින් කමන්ත රොෂාන්, අසේල සම්පත්, සංජීව මහවත්ත, රොෂාන් ශාන්ත යන මහත්වරුද අල්ලස් හා දූෂණ කොමිසන් සභාවට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පසුගිය වසරක කාල සීමාවේ දී හදිසි ඖෂධ මිලදී ගැනීම් නිසා සිදු වී ඇති දූෂණ සහ වංචා සම්බන්ධව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශය ජනක ශ්‍රී චන්ද්‍රගුප්ත එහි අතිරේක ලේකම් සමන් රත්නායක හා ඖෂධ නියාමන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලයට එරෙහිව පැමිණිලි භාර දුන්හ.

advertistmentadvertistment
advertistmentadvertistment