ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සහ විදෙස් මුදල් ප‍්‍රශ්නය

231

විදේශ සංචාරකයන්ගේ ගෙවීම්

පසුගිය ජනවාරි 19 දින රැුස් වූ මහ බැංකු මුදල් මණ්ඩලය පොලී අනුපාත වැඩි කිරීම ඇතුළු ප‍්‍රධාන ප‍්‍රතිපත්තිමය තීරණ හතරක් ගත්තේය. ඉන් එක් තීරණයක් වූයේ විදේශ සංචාරකයන්ගේ ගෙවීම් විදෙස් මුදලින් පමණක් භාර ගැනීමට සංචාරක ආයතනවලට අනිවාර්ය කිරීමයි. මෙසේ ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් සිදු කරන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගැනීමට හෝටල් සේවා සැපයුම්කරුවන්ට අනිවාර්ය කරමින් ශ‍්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්ඩලය විසින් මේ වන විට රීති නිකුත් කිරීමක් ද කර ඇත. මෙම රීති 2022 ජනවාරි 21 දිනැති අංක 2263/41 දරන අති විශේෂ ගැසට් පත‍්‍රය මගින් ප‍්‍රකාශයට පත් කර ඇති බව මහ බැංකුව පෙරේදා (25) නිවේදනය කළේය.

ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සහ විදෙස් මුදල් ප‍්‍රශ්නය



හෝටල් සේවා සැපයුම්කරුවන්ට උපදෙස්

සංචාරක ආයතනවලට මෙම රීති නිකුත් කිරීමත් සමඟ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන් විසින් ක‍්‍රියා කළ යුතු ආකාරය ගැන උපදෙස් ද මහ බැංකුව සඳහන් කර තිබුණි. ඒ මෙසේය.

– ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගත යුතුය.

ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සහ විදෙස් මුදල් ප‍්‍රශ්නය

– එවැනි විදේශ මුදල් හෝටල් සේවා සැපයුම්කරුගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කිරීම හෝ බලපත‍්‍රලාභී බැංකුවකට විකිණීම ව්‍යාපාරික දින තුනක් ඇතුළත කළ යුතුය.

– ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් විසින් විද්‍යුත් මුදල් හුවමාරු කාඞ්පත් (ණයපත්, හරපත්, සංචාරක කාඞ්පත් යනා දී) හරහා සිදු කරන ගෙවීම් හෝටල් සේවා සැපයුම්කරුවාගේ ව්‍යාපාරික විදේශ මුදල් ගිණුමකට බැර කළ යුතු ය.

එසේ වුවත්, ශ‍්‍රී ලංකාවට ගෙන එන ලද විදේශ මුදල් බලපත‍්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරු කරන්නකු හරහා ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාළ මුල් ලේඛන ලබා දිය හැකි නම්, හෝටල් සේවා සැපයුම්කරුවන්ට ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයින් විසින් ශ‍්‍රී ලංකා රුපියල්වලින් කරන ගෙවීම් භාර ගත හැකි බව ද මහ බැංකුව නිවේදනය කර තිබුණි.

ප‍්‍රතිපත්ති තීරණයේ ගැටලූ

ශ‍්‍රී ලංකාවෙන් පිටත නේවාසික පුද්ගලයන් කියා මහ බැංකුව කීවාට මේ සියලූම ගෙවීම් කරන්නේත් අදාළ ගෙවීම් සඳහා මුදල් භාර ගන්නේත් ශ‍්‍රී ලංකාව තුළ මිස අපේ රටින් පිටත නොවේ. මේ තීරණය ගෙන ඇති මහ බැංකුව විසින්ම නිකුත් කර ඇති සෑම මුදල් නෝට්ටුවකම මෙසේ මුද්‍රණය කර ඇත.

‘ශ‍්‍රී ලංකාණ්ඩුව වෙනුවෙන් නිකුත් කරන ලද මේ මුදල් නෝට්ටුව ශ‍්‍රී ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා නීතියෙන් වලංගුය.’

මේ වගන්තියේ සඳහන් වන්නේ ලංකාව ඇතුළත ඕනෑම මුදල් ගණනක් ගෙවීම සඳහා මහ බැංකුව නිකුත් කළ මුදල් නෝට්ටු වලංගු බවයි. එසේ නැතුව එම ගෙවීම කරන්නේ මේ රටේ පුද්ගලයෙක්ද වෙනත් රටක පුද්ගලයෙක් ද යන්න ගැන කොතැනකවත් සඳහනක් නැත. ඒ නිසා මහ බැංකුවේ මේ තීරණයෙන් අපට හැෙඟන්නේ ශ‍්‍රී ලංකාව තුළ සිදු කෙරෙන ඇතැම් ගනුදෙනු පියවීම සඳහා මහ බැංකුව විසින්ම නිකුත් කර ඇති නෝට්ටු වලංගු නැති බවකි. එසේ නැත්නම් ලියාපදිංචි සංචාරක ආයතනවලට (ශ‍්‍රී ලංකා රුපියල් භාර නොගෙන) විදේශ මුලින් පමණක් ගෙවීම් භාර ගැනීමට අනිවාර්ය කිරීම අප තේරුම් ගන්නේ කෙසේ ද? මෙරටට එන විදේශිකයා තම විදෙස් මුදල් බලපත‍්‍රලාභී බැංකුවක් හෝ බලයලත් මුදල් හුවමාරුකරන්නකු හරහා ශ‍්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කරන ලද බවට අදාළ මුල් ලේඛන (අදාළ රිසිට් පත) ලබා දිය හැකි නම් හෝටල් සේවා සැපයුම්කරුවන්ට සංචාරකයන්ගෙන් ශ‍්‍රී ලංකා රුපියල්වලින් කරන ගෙවීම් භාර ගත හැකි බව ද මහ බැංකුව සඳහන් කර තිබූ බව ඇත්තය. එහෙත් සංචාරකයන් මෙරටට රැුගෙන එන විදේශ මුදල් මාරු කරන්නේ කවර ක‍්‍රමයට වුවත් ඒවා හොර සල්ලි නොවේ නම් මහ බැංකුව නිකුත් කළ මුදල් නෝට්ටුම නම් ඒවා ලංකාව තුළ යම් ගෙවීමක් සඳහා භාර ගැනීම ප‍්‍රතික්ෂේප කළ හැකි ද? මෙය මුදල් නීති පනතට එකඟ ද? සමා වුව මැනවි. මේ ගැන අප ප‍්‍රශ්න කරන්නේ ඇතැම් විට අපගේ නොදැනුවත්කමට විය හැකිය. මේ ගැන මේ රටේ සාමාන්‍ය මහජනයාට මෙන්ම සංචාරක සේවා සැපයුම්කරුවන්ට ද එතරම් දැනුමක් නැති බැවින් මේ ගැන නීත්‍යානුකූල තත්ත්වය පැහැදිලි කරන ලෙස අප මහ බැංකුවෙන් කරුණාවෙන් ඉල්ලා සිටීමට කැමතිය.

පාස්පෝට් එකත් බලන්න වෙයි ද?

විදේශිකයන් යනු බටහිරින් එන සුදු සුද්දන්ම නොවේ. ඉන්දියාවෙන්, බංගලාදේශයෙන් සහ මාලදිවයින ඇතුළු ඇතැම් රටවලින් මෙරටට සම කළු හෝ දුඹුරු පැහැය ඇති අය ද සංචාරය සඳහා එයි. ඔවුන් ද විදේශිකයන්ය. ලංකාවේ අය ද සංචාරක හෝටලයකට ගොස් ඉංග‍්‍රීසියෙන් කතා කළහොත් මේ විදේශිකයෙක් ද නැත්නම් මේ රටේ දේශීය සංචාරකයෙක් ද යන ප‍්‍රශ්නය හෝටල් සේවා සැපයුම්කරුවන්ට ඇති විය හැකිය. ඒ නිසා සංචාරක සේවා ආයතනවලට මේ ගෙවීම් භාර ගැනීමේ දී අදාළ අමුත්තන්ගේ පාස්පෝට් එක පරීක්ෂා කිරීමට ද සිදු වනු ඇත. ඒ පුද්ගලයා විදෙස් රටක අයෙක් නම් රුපියල් භාර නොගැනීමට සහ මෙරට කෙනෙක් නම් රුපියල් භාර ගැනීමට ද හෝටල් සේවා සැපයුම්කරුවන්ට සිදුවනු ඇත. අපේ රටේ විදේශ විනිමය ප‍්‍රශ්නයක් ඇති බව ඇත්තය. එහෙත් මෙරටට විදේශ මුදල් රැුගෙන එන විදේශ සංචාරකයන් කරන්නේ අපගේ එම ප‍්‍රශ්නය සමනය කිරීමට දායක වීමකි. ඒ නිසා අප නම් කියන්නේ අපගේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග කිසිදු ලෙසකින් එවැනි අය අපහසුවට ලක් නොවන පරිදි ක‍්‍රියාත්මක කළ යුතු බවයි. ලෝකයේ වෙනත් කිසිදු රටක් තම රටට එන විදෙස් සංචාරකයන් කරන ගෙවීම් විදේශ මුදලින් පමණක් භාර ගැනීමට අනිවාර්ය කර තිබේ ද යන්න අපි නොදනිමු. අප දන්නා තරමින් වෙනත් ඕනෑම රටකට ගොස් ඒ රටේ දේශීය මුදල්වලින් ගෙවීම් කිරීමට එරටට එන විදේශ සංචාරකයන්ට තහංචි පනවා ඇති බවක් අපි නොදනිමු.

ලියාපදිංචි නැති සංචාරක සේවා ආයතන

මේ රීති පනවා ඇත්තේ ශ‍්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි බලපත‍්‍රලාභී හෝටල් සේවා සැපයුම්කරුවන්ටය. එහෙත් මේ රටේ ලියාපදිංචි නැති සංචාරක සේවා සැපයුම්කරුවන් ද ඕනෑ තරම් සිටී. මේ රීති අනුව ඒවාට විදේශිකයන්ගෙන් අදාළ අය කිරීම් සඳහා දේශීය මුදල් භාර ගැනීමට බාධාවක් නැත. විදෙස් සංචාරකයන්ට තම විදේශ මුදල් අවිධිමත් මාර්ග මගින් වැඩි අගයකට මෙරටදී මාරු කරගෙන එම රුපියල් තම වියදම් එවැනි ලියාපදිංචි නැති ආයතන සඳහා හෝ වෙනත් ගෙවීම් සඳහා භාවිතා කළ හැකිය. එනම් මෙරටට එන විදෙස් සංචාරකයන් තම සේවා සපයා ගන්නේ ඔය කියන සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් සේවා සැපයුම්කරුවන්ගෙන් පමණක් නොවේ. අනිත් අතට රිසිට් එක බලා රුපියල්වලින් ගෙවීම් භාර ගැනීමට නියම කිරීම ද ගැටලූ සහගතය. යම් සංචාරකයෙක් බැංකුවකින් තම විදේශ මුදල් සුළු ප‍්‍රමාණයක් මාරු කරගන්නා අතරම තවත් වැඩි විදේශ මුදල් ප‍්‍රමාණයක් අවිධිමත් මාර්ග ඔස්සේ මෙරට දී මාරු කරගත හැකිය. ඔහු ඒවා විවිධ ස්ථානවල දී වියදම් කරයි. එම විදෙස් සංචාරකයන් එකම හෝටලයක නැවතී සිටින්නේ නැත. ඔවුන් රට පුරා විවිධ ස්ථානවල සංචාරය කරයි. විදේශ සංචාරකයෙක් තැඹිලි ගෙඩියක් බිව්වොත් එසේම ත‍්‍රීවීලරයකින් යම් ගමනක් ගියොත් ඒවාට ඔහුට රිසිට් පත් ලැබෙන්නේ නැත. ඒ නිසා යම් ලියාපදිංචි සංචාරක සේවා ආයතනයකට විදේශ සංචාරකයකු ලබාදෙන ශ‍්‍රී ලංකා රුපියල් විධිමත් මාර්ග ඔස්සේම මාරු කරගත් ඒවා ද යන්න තහවුරු කර ගැනීම දුෂ්කරය. අනිත් අතට එසේ පරීක්ෂා කිරීම් කිරීමට යෑම තුළ සිදු වනු ඇත්තේ මෙරටට එන විදේශ සංචාරකයා අනවශ්‍ය කරදරයකට, අපහසුවට පත්වීම බව අපගේ අදහසය. අප මේ මොහොතේ බලවත් විදේශ මුදල් ප‍්‍රශ්නයකට මුහුණ දී සිටින බව ඇත්තය. එහෙත් මෙරට ඇති විදේශ මුදල් ප‍්‍රශ්නය නිසා මෙරටට විදේශ මුදල් රැුගෙන එන විදේශ සංචාරකයා යම් හෝ අපහසුවකට පත් කිරීම සුදුසු නොවේ. ඔවුන් මෙරට දී විඳින ඒ අත්දැකීම් ඇතැම් විට අනාගත සංචාරක පැමිණීම්වලට අහිතකර ලෙස බලපෑමට හේතුවක් විය හැකිය. එසේ වුවහොත් ඒ පාඩුවත් රටටම ය.

මුදලේ අගය

යම් ව්‍යවහාර මුදල් වර්ගයකට සාපේක්ෂව තවත් මුදලක හුවමාරු අගය තීරණය වන්නේ ඒ මුදල්වලට ඇති ඉල්ලූම හා සැපයම අනුවය. එහෙත් අද අපේ රටේ ඇමෙරිකානු ඩොලරය සහ ශ‍්‍රී ලංකා රුපියල අතර විනිමය අනුපාතය සැලකිය යුතු කාලයක් තිස්සේම මහ බැංකුව විසින් පවත්වාගෙන යනු ලබන්නේ එකම අගයක ය. ඒ නිසා අපේ විදේශ විනිමය අර්බුදයට විදෙස්ගත ශ‍්‍රී ලාංකිකයන් හෝ මෙරටට එන විදෙස් සංචාරකයන් වගකිව යුතු නොවේ. විදෙස්ගත ශ‍්‍රමිකයා පිටරට ගොස් දුක් මහන්සි වී උපයන විදේශ මුදල්වලට නිසි වටිනාකම ඔවුන්ට අනිවාර්යෙන්ම ලැබිය යුතුය. එසේම මෙරටට එන විදේශ සංචාරකයාට බැංකුවකට ගොස් තමා රැුගෙන එන වැඩි අගයකින් යුත් මුදල් අඩු වටිනාකමකට මාරු කර ගැනීමට බල කිරීමක් කරන්නේ නම් අපට සිතන්නේ එහි අසාධාරණයක් ඇති බවයි. මේ ගැන නීතිරීති ඕනෑ තරම් කතා කළ හැකිය. එහෙත් විදෙස් සංචාරකයා ද තමාගේ ඩොලර් ප‍්‍රමාණය රු.203 ගණනේ සැලකිය යුතු අඩු අනුපාතයකට මාරු කරගැනීමට කැමති වනු ඇති ද? ඇත්තවශයෙන්ම මෙවැනි උග‍්‍ර විදේශ මුදල් ප‍්‍රශ්නයක් රටේ ඇති මොහොතක මේ දෙපිරිසම (විදේශගත ශ‍්‍රමිකයන් සහ විදේශ සංචාරකයා) අප සැලකිය යුත්තේ දේවත්වයෙනි. ඒ දෙපිරිසම අපට වැඩියෙන්ම විදේශ විනිමය උපයා දෙන පාර්ශ්වයන්ය. ඒ නිසා ඔවුන් අපගේ විදේශ විනිමය අර්බුදය සමනය කර ගැනීමේ ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග හමුවේ අනවශ්‍ය කරදරයට, පීඩනයකට පත් කිරීම සුදුසු පිළිවෙතක් නොවන බව කනගාටුවෙන් වුවත් කීමට සිදු වේ. විදෙස් සංචාරකයන්ට සපයනු ලබන සේවාවන් සම්බන්ධයෙන් වන ගෙවීම් විදේශ විනිමයෙන් පමණක් භාර ගත යුතු බවට සංචාරක ආයතනවලට අනිවාර්ය කරනවා කීවාට ඇතැම් විට එය අනිත් අතට ලියාපදිංචි සංචාරක ආයතනවලින් ලබාගන්නා සේවා වෙනුවෙන් විදේශ මුදලින් පමණක් ගෙවීම් කරන ලෙස විදෙස් සංචාරකයන්ට ද අනිවාර්ය කිරීමක් බව අපට වැටහෙන දෙයයි.

මුදල් ඇමැති හමුව

පසුගිය අඟහරුවාදා (25) සවස මුදල් අමාත්‍යංශයේ දී මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා හමු වී ඔහු සමග පැයකට අධික කාලයක් ආර්ථිකයේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමට මේ ලියුම්කරුට හැකි විය. මෙහිදී වැඩි වශයෙන්ම අවධානය යොමු කළේ රට මුහුණ දී සිටින විදේශ විනිමය අර්බුදය පිළිබඳවයි. එසේම එම අර්බුදය සමනය කර ගැනීමට ගෙන ඇති ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග ගැනය. මහ බැංකුව ගෙන ඇති ක‍්‍රියාමාර්ග සම්බන්ධයෙන් ද මුදල් ඇමැතිවරයාගෙන් විමසීමට අපට හැකි විය. මුදල් ඇමැතිවරයා ප‍්‍රකාශ කළේ මුදල් ඇමැතිවරයා ලෙස ප‍්‍රතිපත්තිමය වශයෙන් තමාගේ වැඩි කාලය ගත කරන්නේ ආර්ථිකයේ වඩාත් පුළුල් චිත‍්‍රය වෙනුවෙන් බවයි. ඒ ගැන සහ විනිමය අර්බුදය ගැන මුදල් ඇමැතිවරයා දැක් වූ අදහස් ජනවාරි 30 වැනිදා ‘දිවයින ඉරිදා සංග‍්‍රහයෙන්’ ඔබට වැඩිදුරටත් කියවිය හැකිය.

ඩොලර් ප‍්‍රශ්නය හමුවේ ජනතාව ගෙවන්නේ  ඉතා අමාරු ජීවිතයක්  – නිරෝෂන් පෙරේරා

ප‍්‍රතිපත්ති ක‍්‍රියාමාර්ග සහ විදෙස් මුදල් ප‍්‍රශ්නය

– හිටපු ආර්ථික කටයුතු රාජ්‍ය ඇමැති සහ පාර්ලිමේන්තු මන්ත‍්‍රී

මේ වසරේ (2022) අපට  ඇමෙරිකානු ඩොලර් බිලියන  6.8 ක පමණ විශාල ණය  ප‍්‍රමාණයක් ගෙවීමට තියෙනවා.

එතකොට අපට ලැබෙන  ඩොලර් ලැබීම් අනුව මේක  කොහොම ද ගෙවන්නේ සහ  රට බංකොලොත් නොවී  ඉදිරියට ගෙනියන්නේ  කොහොම ද කියන විශාල ප‍්‍රශ්නය තමයි අප හමුවේතිබෙන්නේ. මේ ආණ්ඩුවේ ප‍්‍රතිපත්ති සහ වැඩපිළිවෙළට ලෝකයේ රටවල් සහාය දීල නැති බව තමයි අපට පෙන්නේ.

මේ වන විට අපේ ආණ්ඩුව යන විට තිබුණු ඩොලර් බිලියන 7.2 ක විදෙස් සංචිත හොඳටම අඩු කරගෙන තෙල්, ගෑස්, සිමෙන්ති, සහ පොහොර ඇතුළු අත්‍යවශ්‍ය දේවල් ගේන්නවත් ඩොලර් නැති තත්ත්වයකට අද රට පත් වෙලා. මේ වන විට ජනතාව ගෙවන්නේ ඉතාම දුක්බර ජීවිතයක්. ජනයාට පෝලිම් යුගයකට මුහුණ දෙන්න සිදු වෙලා. මේකේ වගකීම භාර ගන්න කව්රුත් නෑ. මෙහි වගකීම භාරගෙන මේ අර්බුදයෙන් ගොඩ එන්න වැඩපිළිවෙළක් ඉදිරිපත් කරන්න කියල විපක්ෂය ලෙස අපි ආණ්ඩුවෙන් ඉල්ලා සිටිනවා.

ශ්‍යාම් නුවන් ගනේවත්ත
[email protected]

advertistmentadvertistment
advertistmentadvertistment