පවතින අයහපත් කාලගුණය හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට නාය යෑමේ අවදානමක් මතුව ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය සදහන් කරයි.ඒ අනුව ගාල්ල, මාතර,කළුතර සහ කෑගල්ල යන දිස්ත්‍රික්ක වල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස කිහිපයකට අදාලව මෙම නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.අද පෙරවරුවේ ප්‍රදේශ කිහිපයකට තද වැසි ඇතිවූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.ඇතැම් ප්‍රදේශ වලට මිලිමීටර් 100ඉක්මවූ තද වැසි ඇද හැලී තිබේ.පස්වරුවේද මෙලෙස වැසි ඇතිවිය හැකි බවද සඳහන් කරයි.
|