ප්‍රබල තරගයකින් පසු එංගලන්තයට ලකුණු 21ක ජයක්

124

2024 කාන්තා විස්සයි – 20 ලෝක කුසලානය

2024 විස්සයි – 20 කාන්තා ලෝක කුසලානය යටතේ පැවැති 6 වන තරගය ලෙස පැවැති එංගලන්ත කාන්තා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර තරගයෙන් ලකුණු 21ක ජයක් ලැබීමට එංගලන්ත කණ්ඩායම සමත්විය.

ඩුබායි දේශයේ සාජා ක්‍රීඩාංගණයේදී පැවැති මෙම තරගයේ පළමුව පන්දුවට පහරදුන් එංගලන්ත කණ්ඩායම නියමිත පන්දු වාර 20 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 118ක් ලබාගැනීමට සමත්විය. එයට පිළිතුරු ලෙස පිටියට පැමිණි බංග්ලාදේශ කාන්තා කණ්ඩායමට ලබාගැනීමට හැකිවූයේ නියමිත පන්දු වාර 20 අවසානයේ ලකුණු 97ක් පමණි. ඒ අනුව එංගලන්ත කණ්ඩායමට ලකුණු 21ක ජයක් හිමිවිය.

එංගලන්ත කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී ඩැනී වේට් පන්දු 40කින් ලකුණු 41ක්, මැයි බාචීර් ලකුණු 23ක් සහ අමී ජොන්ස් නොදැවී ලකුණු 12ක් ලැබුවාය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දු යැවීමේදී නීඩා අක්තාර් ලකුණු 32කට කඩුලු 2ක්, ෆහීමා කාර්ටන් ලකුණු 18කට කඩුලු 2ක්, රිතූ මොනී ලකුණු 24කට කඩුලු දෙකක් බිඳහෙළීය.

බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් පන්දුවට පහරදීමේදී සෝබනා මොස්ටරි ලකුණු 44ක්, නායිකාව වන නිගර් සුල්තානා ලකුණු 15ක්, ශාති රාණි ලකුණු 7ක්, ටජ් නහර් ලකුණු 7ක් ලැබීය.

පන්දු යැවීමේදී ලින්සි ස්මිත් ලකුණු 11කට කඩුලු 2ක්, චාර්ලි ඩෑන් ලකුණු 22කට කඩුලු 2ක් සහ සර්හ් ග්ලේන් ලකුණු 22කට කඩුලු 1ක් බිඳදැමුවාය.

තරගයේ වීරවරිය ලෙස එංගලන්ත කණ්ඩායමේ ඩැනී වේට් සම්මාන ලැබුවාය.

සිසිර ඉන්ද්‍රජිත්

advertistmentadvertistment
advertistmentadvertistment