ප්‍රමෝද්‍යගෙන් ප්‍රශ්න කිරීම් අවසන්

127

ශ්‍රී ලංකා ක්‍රිකට් තේරීම් කමිටු සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයට කැඳවා සිදු කළ කරුණු විමසීම් ඊයේ (27 වැනිදා ) දිනයෙන් අවසන් වී ඇත.

තේරීම් කමිටුවේ සභාපති ප්‍රමෝද්‍ය වික්‍රමසිංහ මහතා පසුගිය 21 වැනිදා පළමු වරට ක්‍රීඩාවලට සම්බන්ධ වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය වෙත කැඳවා තිබුණු අතර ඊයේ ඒ සඳහා යළි කැඳවීම් ලැබුවේය.

ක්‍රිකට් ක්‍රීඩාව කඩා වැටීමට බල අරගල 3 ක් හේතු වූ බවට රූපවාහිනි මාධ්‍යයකට සිදු කළ ප්‍රකාශය සහ ලෝක කුසලාන තරගාවලියෙන් පසුව ප්‍රමෝද්‍ය නිකුත් කළ මාධ්‍ය නිවේදනය සම්බන්ධයෙන් පළමු දිනයේද මෙම ප්‍රශ්න කිරීම් සිදුවුණි.

ඒ අනුව ප්‍රමෝද්‍යගෙන් ඊයේ ද පැය 4 ක පමණ කාලයක් එම ප්‍රශ්න කිරීම් සිදු වූ බව ප්‍රමෝද්‍ය සමග විශේෂ විමර්ශන ඒකකය වෙත පැමිණි නීතිඥ ශිරාල් ලක්තිලක මහතා “දිවයින”ට පැවසීය.

“ප්‍රශ්න කිරීම් සියල්ල අවසන් වුණා. යළි පෙනී සිටින්නට යැයි ප්‍රමෝද්‍යට දැනුම් දුන්නේ නැහැ. බල අරගල තුනක් ගැන විමසා සිටි ප්‍රශ්නවලට ප්‍රමෝද්‍ය ඊයේ පිළිතුරු ලබා දුන්නා.”

ඒ අනුව ඊයේ ප.ව. 12.30 සිට ප.ව. 4.30 දක්වා අදාළ ප්‍රශ්න කිරීම් සිදු වී තිබුණි.
කුෂාන් සුබසිංහ

advertistmentadvertistment
advertistmentadvertistment