ප්‍රවීණ නාට්‍යවේදී, නාට්‍යකීර්ති, රූපවාහිනි නාට්‍ය, චිත්‍රපට හා වේදිකා නාට්‍ය තිර රචක කේ. බී.හේරත් මහතා ඊයේ (29 දා) දිවි රඟමඬලින් සමුගත්තේය.
ඒ මහතා මියයන විට 81 වැනි වියේ පසුවිය.
කුරුණෑගල ඉබ්බාගමුව ග්‍රාමයේ ඉපදී ඉබ්බාගමුව මහා විiාලයෙන් අධ්‍යාපනය හැදෑරූ ඒ මහතා 1962 දී පේරාදෙණිය විශ්වවිiාලයෙන් උපාධිය ලබා පසුකාලීනව කොළඹ, කැලණිය, පේරාදෙණිය යන විශ්වවිiාලවල කථිකාචාර්යවරයකු ලෙස සේවය කළ අතර 1965 දී ඉංග්‍රීසි ගුරුවරයකු ලෙස ද කටයුතු කළේය. ඒ අතරතුර නාට්‍ය තිර රචනයට යොමුවූ ඒ මහතා තිර රචනා කළ ‘මායා දේවි’ ‘සක්විත්තෝ’ ‘දෝන ඉසබෙලා’ ‘ඉන්ගම්මාරුව’ ‘මතක සුළඟ’ ‘ස්වර්ණපාලි’ යන නාට්‍ය ප්‍රේක්ෂක ජනතාව අතර ඉතා ජනප්‍රියත්වයට පත්විය.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්