ප‍්‍රශ්න තුනෙන්ම ඇමැති ෆේල්

1541

තෙල් මිල සහ ගෑස් මිල නොදන්නා කැබිනට් ඇමැතිවරයකු පිළිබඳ පෙරේදා (15 දා) අපට අසන්නට ලැබිණි.

පෞද්ගලික නාලිකාවක වැඩසටහනකට සහභාගි වූ ආණ්ඩුවේ කැබිනට් ඇමැතිවරයකු වන එස්. එම්. චන්ද්‍රසේන මහතාගෙන් එම වැඩසටහන මෙහෙයවූ මාධ්‍යවේදියා විසින් අසන ලද ප‍්‍රශ්න තුනට ම ඔහුට පිළිතුරු දීමට නොහැකි විය.

ප‍්‍රශ්නය:- අද වනවිට ඞීසල් මිල කීයද?

ඇමැති:- දන්නේ නැහැ.

ප‍්‍රශ්නය:- පෙට‍්‍රල් මිල කීයද?

ඇමැති:- රු. 255 යි.

ප‍්‍රශ්නය:- ගෑස් මිල කීයද?

ඇමැති:- රු. 2350ක් විතර !

ඇමැතිවරයා ප‍්‍රශ්න තුනට ම දීපු උත්තර වැරදිය. අද වනවිට රටේ භාණ්ඩවල මිල නොදන්නා ඇමැතිවරුන් ජනතාව විඳින දුක නොදන්නා අයුරු ඉන් සක්සුදක් සේ පැහැදිලි වේ.

අරුණ බෝගහවත්ත

advertistmentadvertistment
advertistmentadvertistment