විභාග දෙපාර්තමේන්තුව විසින් රුපියල් පනස් හතර කෝටි හැට දෙලක්ෂ හැටහතර දහස් හාරසිය පනස් දෙකක් වැයකොට ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම සඳහා මිල දී ගනු ලැබූ වෙබ් ඩිජිටල් ප්‍රින්ටින් යන්ත්‍රය උපයෝගී කර ගෙන ඉකුත් වර්ෂයේ දී (2023) මුද්‍රණය කොට ඇත්තේ සමස්ත ප්‍රශ්න පත්‍ර මුද්‍රණ ප්‍රමාණයෙන් සියයට 17ක් පමණක් බැව් ජාතික විගණන කාර්යාලය පවසයි.
ඒ අනුව 2023 වර්ෂයේ දී මෙම ප්‍රින්ටින් යන්ත්‍රය උපයෝගි කර ගෙන මුද්‍රණය කර ඇත්තේ ප්‍රශ්න පත්‍ර 13,395,680කි.
2023 වර්ෂයේ දී පවත්වනු ලැබූ විභාග සඳහා විභාග දෙපාර්තමේන්තුවේ ඩිජිටල් මුද්‍රණ ඒකකය සතු මුද්‍රණ යන්ත්‍ර 04ක් සහ රහස්‍ය මුද්‍රණාලය සතු මුද්‍රණ යන්ත්‍ර 06ක් භාවිතා කරමින් ප්‍රශ්න පත්‍ර 78,680,276 ක් මුද්‍රණය කර තිබුණි.
එමෙන්ම 2023 වර්ෂයේ දී මෙම වෙබ් ඩිජිටල් ප්‍රින්ටින් යන්ත්‍රය අලුත්වැඩියා කටයුතු සඳහා රුපියල් 5,388,311ක් වැයකොට තිබුණි. ප්‍රශ්න පත්‍රවල රහස්‍යභාවය ආරක්ෂා කිරීම සඳහා 2018 වර්ෂයේ දී රුපියල් 8,428,637 ක් වටිනා වෙබ් ඩිජිටල් මුද්‍රණ යන්ත්‍රයේ අර්චචසබට ිදකමඑසදබ කොටසක් මිල දී ගෙන තිබුණි.
දැනට භාවිතා කරනු ලබන රහස්‍ය ලේඛන ඇසුරුම් ක්‍රියාවලිය සමග එම කොටස නොගැලපීම හේතුවෙන් මේ දක්වා එම යන්ත්‍ර කොටස නිශ්කාර්යව පැවතුණි.
ලලිත් චාමින්ද