ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණ වීමෙන් බාල ඖෂධ ගජරාමෙට

41

සෞඛ්‍ය වෘත්තීයවේදී විද්වත් සංගමය

ඖෂධ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අඩපණව පැවතීම හේතුවෙන් හොර ඖෂධ, බාල ඖෂධ සහ ලියාපදිංචි නොවූ ඖෂධ මෙරට රෝහල් පද්ධතියට එක්වීමේ දැඩි අවදානමක් මතුව තිබෙන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමය අනතුරු අඟවයි.

මේ අයුරින් එන්නත් ඇතුළු ඖෂධ කීපයක් කොළඹ ජාතික රෝහලට මිලදී ගැනීමේ සූදානමක් පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇතැයිද එම සංගමයේ සභාපති රවී කුමුදේශ් මහතා පවසයි.

රෝහල්වල මේ වනවිට පවතින ඖෂධ හිඟය මුවාවෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ අනුමැතියට යටත් නොකර මෙලෙස ඖෂධ මිලදී ගැනීමේ සූදානමක් ඇති බවද ඒ මහතා කියා සිටී.

Bevacizumab, Protamin Sulphate, සහ Labetalol, Colistimethate නමැති එන්නත් ඇතුළු තවත් ඖෂධ වර්ග කිහිපයක් මෙලෙස ලියාපදිංචියෙන් තොරව රෝහල් සඳහා මිලදී ගැනීමේ සූදානමක් පවතින බව, රවී කුමුදේශ් මහතා වැඩිදුරටත් සඳහන් කරයි.

සුජීව තත්සර

advertistmentadvertistment
advertistmentadvertistment