ශ්‍රී ලංකාවේ කතෝලික දේශපාලන අධිකාරිය නියෝජනය කරමින් ස්වර්ගස්ථ වී සිටින ප්‍රැන්සිස් පාප් වහන්සේට අවසන් ගෞරව දැක්වීමට සහ උන් වහන්සේගේ අවසන් කටයුතුවලට සහභාගි වීම සඳහා තමන් වතිකානු නුවර බලා පිටත්ව යන බව පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කටුනායක ගුවන් තොටුපළේ දී පැවසීය.
ඔහු සමග පාර්ලිමේන්තු මන්ත්‍රී හෙක්ටර් අප්පුහාමි මහතාද එක් වී සිටියේය.
ඔවුහු ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් අබුඩාබි නුවර බලා පිටත්ව ගියහ. ඔවුන් අබුඩාබි නුවර සිට වෙනත් ගුවන් යානයකින් රෝමයේ වතිකානු නුවර බලා පිටත්ව යෑමට නියමිතය.
කටුනායක – ටී.කේ.ජී. කපිල