ප්‍රියමාලිට උදව් කළ ජානකී අත්අඩංගුවට

403

තිළිණි ප්‍රියමාලි නමැති කාන්තාව සිදු කළ හා පරිමාණ මූල්‍ය වංචාවන්ට ආධාර අනුබල දීම ඇතුළු චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් ක්‍රිස් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරිනි ලෙස කටයුතු කරන ජනකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් ඊයේ (04 වැනිදා) දහවල් අත්අඩංගුවට ගෙන ඇත.

මෙම මූල්‍ය අක්‍රමිකතාවන්ට ජානකී සිරිවරිධන සම්බන්ධ බවට මුලින්ම හෙළි කර තිබුණේ බස්නාහිර පළාත් හිටපු ආණ්ඩුකාරවයකු වූ අසාද් සාලි විසින්ය.

මේ සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ දහවල් කොටුව ප්‍රදේශයේ පිහිටි ක්‍රිස් සමාගමට අයත් කාර්යාලයකදී ජානකී සිරිවර්ධන අත්අඩංගුවට ගත්හ.

පසුව ජානකී සිරිවර්ධන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු මූලස්ථානය වෙත රැගෙන ගිය අතර එහිදී ඇයගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම් ආරම්භ කළ බව පොලිස් ආරංචි මාර්ග පැවසීය.

තිළිණි ප්‍රියමාලි සමග සිදු කළ මූල්‍ය වංචා සහ ඊට ආධාර අනුබල දුන් ආකාරය පිළිබඳව ජානකී සිරිවර්ධනගෙන් ප්‍රශ්න කිරීමට නියමිත බව ද පොලිස් ආරංචි පැවසීය.

හේමන්ත රන්දුණු

advertistmentadvertistment
advertistmentadvertistment