ප්‍රොපේන් සහ බියුටේන් නොවේ: එල්පී ගෑස් සඳහා පිළිගත් නියාමනය පීඩනය පිළිබඳවයි

414

ඛනිජ තෙල් සංස්ථා නි. කළමනාකරු

එල්පී ගෑස් සඳහා පිළිගත් නියාමනයක් පවතින්නේ ප්‍රොපේන් සහ බියුටේන් සම්බන්ධයෙන් නොව එහි පීඩනය සම්බන්ධයෙන් බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ නියෝජ්‍ය කළමනාකරු (පිරිපහදු) ඉංජිනේරු ඒ. ජේ. එස්. කෝදාගොඩ මහතා සඳහන් කළේය.

අදාළ පීඩනයේ උපරිමය වන්නේ කිලෝ පැස්කල් 1430 ක් බවද කියා සිටි ඒ මහතා එකී පීඩන පරිමාව තුළ ගෑස් නිෂ්පාදනය සිදු කළ හැකි බවද පැවසීය.

ඛනිජ තෙල් සංස්ථාව ගෑස් නිෂ්පාදනය කර මෙරට සමාගම් වෙත අලෙවි කරනු ලබන අතර එහිදී පිළිගත් නියාමනයන්ට අදාළ පරිදි නිෂ්පාදන කටයුතු සිදු කිරීමට සංස්ථාව කටයුතු කරන බවද හෙතෙම කියා සිටියේය. මේ සම්බන්ධයෙන් පරීක්‍ෂා කර බැලීම සඳහා ජාත්‍යන්තර වශයෙන් ප‍්‍රමිතිකරණයට ලක් කළ පිළිගත් විiාගාරයක් සංස්ථාව සතුව තිබෙන බව කී ඒ මහතා, රට තුළ මතුව තිබෙන ගෑස් පිපිරීම් අර්බුදය හමුවේ පාරිභෝගික සේවා අධිකාරිය මගින් ඉදිරිපත් කළ ගෑස් සාම්පල කිහිපයක් ඉකුත් දිනවල පරීක්‍ෂා කරනු ලැබුවේ එම විiාගාරය මගින් බවද පැවසීය.

එම වාර්තාව ඉකුත් අ`ගහරුවාදා පාරිභෝගික සේවා අධිකාරියට ලබා දුන් අතර පරීක්‍ෂණ සම්මතයන්ට අනුව එකී තොරතුරු තෙවන පාර්ශ්වයකට හෙළි කිරීම සිදු කළ නොහැකි බවද ඒ මහතා පැවසීය.

සමන් ගමගේ

advertistmentadvertistment
advertistmentadvertistment