පාකිස්තානයේ පල්ලියක මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් : 31 ක් මරුට

79

පාකිස්තානයේ පෙෂාවර් නගරයේ පිහිටි පල්ලියක් තුළ ඊයේ (30 දා) සිදුවූ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයකින් පුද්ගලයන් 31 දෙනකු ජීවිතක්‍ෂයට පත්ව ඇතැයි විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

තුවාල ලැබූ ගණන 150කට අධිකය.

මෙය පොලිස් නිලධාරීන් ඉලක්ක කර සිදුකළ ප්‍රහාරයක් බව පාකිස්තාන මාධ්‍ය සඳහන් කරයි.

ඔවුන් දහවල් යාඥාව සඳහා පල්ලියට ගොස් ඇති අතර එහිදී ඔවුන් ඉලක්ක කර මෙම මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කර තිබිණි.

මෙම ප්‍රහාරයෙන් පල්ලියේ ගොඩනැඟිල්ලේ කොටසක් ද කඩාවැටී ඇත.

මෙම ප්‍රහාරය සිදුවන අවස්ථාවේදී 300කට ආසන්න පිරිසක් පල්ලිය තුළ යාඥාව සඳහා සහභාගි වී සිට ඇතැයි පෙෂාවර් පොලිසිය සඳහන් කර තිබේ.

මෙම ප්‍රහාරයේ වගකීම මෙතෙක් කිසිවකු භාරගෙන නොතිබිණි.

advertistmentadvertistment
advertistmentadvertistment