පාකිස්තානයේ මරාගෙන මැරෙන ප‍්‍රහාරයක්

217

නිරිතදිග පකිස්තානයේ පිහිටි ‘‘ක්වෙටා’’ නගරයේ ඊයේ (05දා* සිදු වූ මරාගෙන මැරෙන බෝම්බ ප‍්‍රහාරයකින් 03 දෙනකු මිය ගොස් 15 දෙනකු තුවාල ලබා තිබේ. ඇෆ්ගන් දේශ සීමාවට ආසන්නයේ පිහිටි බලූකිස්ථාන් ප‍්‍රාන්තයේ අගනුවර වන ‘ක්වෙටා’ නගරයේ මුරපළක් ආසන්නයේ සිදු වූ මෙම බෝම්බ ප‍්‍රහාරය පාකිස්තාන හමුදා භටයන් ඉලක්ක කරගනිමින් එල්ල කර ඇති බව වාර්තා වී තිබේ.

පකිස්තානයේ ක‍්‍රියාත්මක වන ‘ටෙහ්රීක් – ඊ තලිබාන් පකිස්තාන්’ නමැති ත‍්‍රස්තවාදී සංවිධානය විසින් මෙම ප‍්‍රහාරයේ වගකීම භාරගෙන තිබේ. මෙම ත‍්‍රස්තවාදී ප‍්‍රහාරය හෙළා දකින බව පකිස්තාන් ජනාධිපති ඉම්රාන් ඛාන් විසින් ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින් පවසා තිබේ.


advertistmentadvertistment