පාකිස්තාන වෛද්‍යවරියන්ගේ කටුක කතාව

405

පකිස්ථානයේ රෝහල්වල සේවය කරන කාන්තාවන් පවසන්නේ ඔවුන් පිරිමි සගයන්ගෙන්, රෝගීන්ගෙන් සහ ඔවුන්ගේ පවුල්වලින් නිරන්තරයෙන් ලිංගික හිරිහැරවලට, ප්‍රචණ්ඩත්වයට සහ වාචික හිංසනයට මුහුණ දෙන බව ය. ඉන්දීය රෝහලක සේවයේ යෙදී සිටියදී 31 හැවිරිදි සීමාවාසික වෛද්‍යවරියක දූෂණය කර මරා දැමීමෙන් පසුව බොහෝ පිරිසක් ඔවුන්ගේ ආරක්ෂාව පිළිබඳව කනස්සල්ලෙන් පසුවන බව පැවසූහ. බොහෝ දෙනකු ඔවුන්ගේ නම් ප්‍රකාශය පත් නොකරන ලෙස ඉල්ලා සිටියේ, ඔවුන්ගේ රැකියා අහිමි වේ යැයි හෝ ‘කීර්තිය සහ ගෞරවය’ නැතිවේ යැයි බියෙනි.

මාස කිහිපයකට පෙර තරුණ වෛද්‍යවරියක හඬමින් වෛද්‍ය නුස්රත් (ඇගේ සැබෑ නම නොවේ) වෙත පැමිණියා ය. ඇය වැසිකිළිය භාවිත කරමින් සිටියදී බිත්තියේ සිදුරකින් පිරිමි වෛද්‍යවරයෙකු විසින් එය වීඩියෝගත කර තිබූ අතර, ඇයව බ්ලැක්මේල් කිරීම සඳහා උත්සහ කරමින් තිබිණි.

“මම සයිබර් අපරාධ හසුරුවන ෆෙඩරල් විමර්ශන ඒජන්සියට පැමිණිල්ලක් කරන්න යෝජනා කළ නමුත් ඇය කැමති වුණේ නෑ. ඇය කිව්වා ඒක ලීක්වෙලා ඇයගේ පවුලේ අය හෝ සැමියාගේ පවුලේ අය දැන ගන්න එකට කැමති නෑ කියලා” වෛද්‍ය නුස්රත් පැහැදිලි කළේ වෛද්‍යවරියන්ව රහසිගතව වීඩියෝ කළ අවස්ථා අවම තුනක්වත් ඇය දන්නා බවට එකතු කරමිනි.

වෛද්‍ය නුස්රත්ට දැන ගන්නට ලැබුණේ, පොලිසියේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු බ්ලැක්මේල් කළ පුද්ගලයා වෙත ගොස් ඔහු සමග කතා කර, ඔහු කළ දේ නිසා ඔහුව අත්අඩංගුවට ගත හැකි බවට අනතුරු හඟවා ඇති බව ය. එම වීඩියෝව මකා දැමීමට පොලිස් නිලධාරියා වග බලාගෙන තිබිණි. ‘අවාසනාවකට අපට එතැනින් එහාට මොකුත් ක්‍රියාමාර්ගයක් ගන්න බැරිවුණ නමුත් ආයේ කාටවත් එහෙම දෙයක් කරන්න බැරි වෙන්න අපි බිත්තියේ සිදුර වහලා දැම්මා’ වෛද්‍ය නුස්රත් පවසයි.

advertistmentadvertistment
advertistmentadvertistment