පාකිස්ථානයට බොරතෙල් සඳහා ලොකු වට්ටම් දීම රුසියාව බැහැ කියයි

259

පාකිස්ථානයට බොර තෙල් සඳහා සියයට 30 ත් 40 ත් අතර වට්ටමක් ලබාදීම රුසියාව ප්‍රතික්ෂේප කර ඇතැයි වාර්තවේ.රුසියාවෙන් බොරතෙල් මිලදී ගැනීම සඳහා සාකච්ඡා කිරීමට පාකිස්ථාන පෙට්‍රෝලියම් පිළිබඳ ඇමැති මුසාදික් මලික් ඇතුළු කණ්ඩායමක් මොස්කව්හි තෙදින සංචාරයක නිරත විය. මෙහිදී පකිස්ථානය ප්‍රකාශ කර තිබුණේ තම රට රුසියාවෙන් විශාල වශයෙන් බොර තෙල් මිලදී ගන්නා රටක් බවය. එම බොරතෙල් පකිස්ථාන පරිපහදු මගින් පිරිපහදු කර ඉන්ධන වර්ග නිපදවීමේ පහසුකම්ද සහිතය. මේ අතර රුසියාව තම ඉන්ධන අලෙවි කිරීමේදී කරච්චි නුවර සිට ලාහෝර් සහ පන්ජාබය දක්වා රුසියානු ගෑස් නළ ව්‍යාපෘතියක් එළීමටද කොන්දේසියක් ඉදිරිපත් කර තිබේ.
මේ අතර පකිස්ථානය රුසියාවෙන් ඉන්ධන මිලදී ගැනීම වලක්වාලීමට ඇමෙරිකාවට නොහැකි යැයි එරට මුදල් ඇමැති ඉෂාක් දාර් මාධ්‍ය වෙත ප්‍රකාශ කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment