පාඨකයා ඉසියුම් වින්දන අඩවියකට මඩරන්

266


අදීන විචාරකයකු, නවකතාකරුවකු හා කෙටිකතාකරුවකු වන සේන තෝරදෙනිය මෙතෙක් රචනා කොට තිබෙන නවකතා අතර බරසාර ගුණය අතින් අතිවිශිෂ්ට කෘතියක් ලෙස ‘මඩරන්’ හඳුන්වා දිය හැකිය. නවකතාකරුවකු සතුවිය යුතු අදීනත්වය, නිර්මාණාත්මක ස්වතන්ත‍්‍රතාව, යථාර්ථවාදී රීතිය කතා තේමාවට අනුරූපී ලෙස හැසිරවීමේ ප‍්‍රාගුණය, ගොවි ජනතාවගේ දුක්බර ජීවිතය, දුඃඛ දෝමනස්ස හා ජාතිකත්වය විෂයෙහි ඔවුන් දැක්වූ ඇප කැපවීම විනිවිද දැකීමේ පෘථුල නිරීක්‍ෂණ ශක්තිය යන මේ ගුණාංග අතින් සමකාලීන සෙසු බොහෝ නවකතා අබිබවා යන ප‍්‍රදීපාගාරයක් ලෙස සැලකිය හැකිය. මේ කෘතිය ප‍්‍රදානය කරන රසිකයන්ට ඉසියුම් වින්දනයක් උකහාගත හැකි බව සත්‍යයකි. මෙහි එකි නෙක පරිච්ෙඡ්ද නම් කර ඇති මාතෘකා පාඨ රසික සිත්සතන් රසභාව ගුණයෙන් පුබුදු කරන ශක්‍යතාවෙන් යුක්තය. ‘ඔපලි සොයා ඌවේ සිට යළි පාතදුම්බරට ආ මලිඳා’, ‘පන්මල යළි පිපෙයි’, ‘මඩබද්දේ සුලමුල’, කෝපි මල් පිපෙන සමයක ‘කන්දට තැන්නට ඇවිළුෑ පන්දම’, ‘කවුද නිවන්නේ,’ ‘කෝපි මලට දෝ බඩරිඳු ආලේ’? ‘අඳුරු බබා සෙංකඩගල වඩින්නා’, මඩ වර්ෂා ‘එකලා විසිරුණෙ හෙණසැර ලෙසිනා’ ආදී ධ්වනිතාර්ථවත් යෙදුම් රසික සිත්හි පාඨක රුචිය පුබුදු කරනසුළුය.

 මේ නවකතාවට පාදක වී ඇත්තේ 9 වන සියවසේදී මෙරට ගොවිජනතාව සිය ඉඩකඩම් හා ගොවි බිම් රැුක ගැනීමට දැරූ අප‍්‍රතිහත අරගලය හා සිත්පිත් නැති අධිරාජ්‍යවාදීන් විසින් ඔවුන්ගේ ඉඩම් හා කුඹුරු වතුපිටි සූරාකෑ ආකාරය පිළිබඳ වෘත්තාන්තයක් නොවන වෘත්තාන්තයකි. ‘මඩරන්’ බි‍්‍රතාන්‍යයන් විසින් ගොවි ජනතාවගෙන් අය කළා වූ අසාධාරණ වූ ධාන්‍ය බද්ද නිසා උඩරට ගොවි ජනතාව පීඩා විඳි ආකාරයද වවුන්ගේ පාරම්පරික ඉඩම් අහිමිවීමද ඉඩමෙන් නෙරපා හැරීමද ඔවුන් සාගතයට හා මරණයට ගොදුරු වූ ආකාරයද, එයට පරිබාහිරව 1818, 1840 හා 1848 මර්දනකාරී පිළිවෙත් පෙන්වා දෙයි. (තෝරදෙනිය 2020)

පාඨකයා ඉසියුම් වින්දන අඩවියකට මඩරන්

නවකතාව එකවිට ජීවිතවිවරණයක් මෙන්ම සමාජ විවරණයක්ද ගැඹුරින් හා සංකීර්ණ ලෙස සිදු කළ හැකි කලා මාධ්‍යයකි. නවකතා මාධ්‍යය පිළිබඳව මෙන්ම නවකතාකරුගේ ක්‍ෂේත‍්‍රය පිළිබඳව පෘථුල අවබෝධයක් ඇති සේන තෝරදෙනිය දිගු කලක සිට 9 වන සියවසේ මෙරට පාලනය කළ අධිරාජ්‍යවාදීන් ඔවුන්ගේ බලය මෙන්ම ආර්ථික ක‍්‍රය ශක්තිය වැඩි දියුණු කර ගැනීම සඳහා අනුගත ක‍්‍රමෝපාය නිසා පාලන ක‍්‍රමවේද හා එසමයෙහි ඉතිහාසය ප‍්‍රගතිශීලී ජීවන දැක්ම පෙරටු කර ගත් චින්තනයකින් යුතුව හදාරා පර්යේෂණය කොට එම ඥානය නමැති පරිස්ථිතිය පාදක කරගෙන මේ නවකතාව නිර්මාණය කර ඇති බව (මේ) කෘතිය අධ්‍යයනය කරන බුද්ධිමත් රසිකයනට පසක් කර ගත හැකිය. ජාතික චින්තනය පෙරටු කර ගත් ජීවන දර්ශනයකින් යුතුව සමාජය නිරීක්‍ෂණය කොට විශ්ලේෂණය කරන ලේඛකයා සිය චින්තනය ආරෝපිත මලිදා නම් ගොවිතැන ජීවිකාව වෘත්තිය කර ගත්

 ගැමියාගේ චරිතය කක්ෂය කරගෙන කතා පුවත විකාශනය කිරීමට පෙළඹෙයි. චරිත නිරූපණය ප‍්‍රමුඛ කර නොගත් තෝරදෙනිය මනා විවේක බුද්ධියකින් හා විචක්ෂණ සමාජාවලෝකනයකින් යුතුව තත්යුගයේ සමාජය විශ්ලේෂණය කරයි. ඔහුගේ අභිප‍්‍රාය 9 වන සියවසේ අධිරාජ්‍යවාදීන්ගේ උපක‍්‍රමශීලී සිංහල ගොවියා ප‍්‍රපාතයට ඇද හෙළුෑ සමාජය හා ඔවුන් මුහුණ දුන් පීඩනය කෙබඳු දැයි විශ්ලේෂණය කොට විශද කොට දැක්වීමයි. ඒ කාර්යය අපේක්‍ෂිත මට්ටමටත් වඩා ගැඹුරින් සිදු කර ඇත.

නවකතා චරිත නිරූපණය අරමුණු කර ගත් කලා මාධ්‍යයක් බවද මෙහි ප‍්‍රධාන වශයෙන් නිරූපණය වන්නේ මලිඳුගේ චරිතය පමණි. එම චරිතයේදීද නවකතාකරුවාගේ නිරීක්‍ෂණයට යොමු වී ඇත්තේ සිංහල ජාතිකත්වය හා එඩිතර ශූර සිංහලයකුගේ චරිතය නිරූපණයට අදාළ පැතිකඩකටය. දුෂ්කරතා මැද වුවද, සිංහල රජෙක් බිහිකර ගැනීමේ යටත් විජිත, අධිරාජ්‍යවාදී පාලනයට එරෙහිව නැගී සිටීමේ, අසාධාරණයට එරෙහිව සටන් කිරීමේ රණකාමිත්වයක් ඔහු සතු වූයේය. ගේදොර, වතුපිටි භවභෝග, අඹු දරුවන් ද්විතීය කොට රට, ජාතිය, ස්වාධීනත්වය හා නිදහස පෙරටුකර ගෙන ජීවිතය ඇප කැප කළ අභීත අහිංසක සිංහලයකුගේ චරිතය මලිඳා මගින් ප‍්‍රතිනිරූපණය කිරීමට, විදෙස් බලාධිපත්‍යයට එරෙහි වූ සේන තෝරදෙනිය කුසලතා සම්පන්න වී ඇත.

 මලිඳාගේ චරිතය හැරුණු කණමැදිරියකු ලෙස ඉස්මතු වන අතුරු චරිතයක් ලෙස ‘ල මර්සියර්’ දැක්විය හැකිය. යටත්විජිත යුගයේ සිවිල් නිලධාරියකු වූ ඔහු රජයේ බදු ප‍්‍රතිපත්තිය හේතු කොට ගෙන පීඩාවට හා අසරණත්වයට පත් වූ සිංහල ගොවි ජනතාව කෙරෙහි අනුකම්පාව හා දයාව දැක්වූවෙකි. ස්වදේශීක නිල පෙළන්තිය පාලකයන් සම`ග එක් වී දුක්බර සිංහල ගැමියන් දැඩි ලෙස තාඩන හා පීඩනයට පත් කළද, ‘ල මර්සියර්’ එම පොදුජන හඬ ඉහළ නිලධාරීන්ට දැන ගැනීමට සැලැස් වූ හඬ ¥තයෙකි. ඔහු නුවරඑළියේ ආණ්ඩුවේ උප ඒජන්තවරයාය. අසාධාරණ, අයුක්ති සහගත බදු නිසා ඇති වෙමින් පැවති විපත – ව්‍යසනය ඌනනය කිරීම සඳහා ඔහු ව්‍යාපෘති රැුසක් ඇරඹුවේය.

 මේ නවකතාවේ අනන්‍යතාව ප‍්‍රකට කරන අනෙක් වැදගත් කරුණ නම් නවකතාව ආරම්භයේ දක්නට ලැබෙන ‘කහටගස්පතන’ සමූහ මිනී වළ හෙවත් පූර්වකථනයයි. මෙමගින් 9 වන සියවසේ යටත් විජිත යුගය හෙවත් අතීතය වර්තමානය හා බද්ධ කරනු ලැබේ. පූර්වකථනයෙන් කියැවෙන්නේ මාධ්‍යය, මානව හිමිකරුවන්, එන්. ජී. ඕ. කාටලය බටහිර තානාපති කාර්යාල හා ජාත්‍යන්තර ප‍්‍රජාව මගින් සමූහ මිනීවළක් යැයි හංවඩු ගසන ලද උඩරට ගල් ලෙනකට පාඨකයා ගෙන යෑමෙනි. මෙය 2018 වර්ෂයේදී මන්නාරමෙන් සොයා ගත් සමූහ මිනීවළේ කතාව ප‍්‍රතිනිර්මාණය කිරීමකි. එන්. ජී. ඕ. කාටලය බටහිර තානාපති කාර්යාල ජාත්‍යන්තර ප‍්‍රජාව, දෙමළ සන්ධානය හා කොටි ඩයස්පෝරාව දුර්මුඛ කරමින් එය පෘතුගීසි යුගයේ (සංකිලි විසින් මරා දමන ලද කතෝලික ආගම වැළඳගත් දෙමළ මිනිසුන්ගේ* මිනීවළක යැයි විiාත්මක පරීක්‍ෂණවලින් ඔප්පු විය. මේ පූර්වකථනය අතීතය වර්තමානයට බද්ධ කරන අගනා කතා කලාව පිළිබඳ උපක‍්‍රමයකි. එය නව මානයකි. ‘මඩරන්’ ඓතිහාසික නවකතා යැයි මම නොසිතමි. ඓතිහාසික සමාජ පරිස්ථිතියක් පාදක කරගත් පමණින් ඓතිහාසික නවකතාවක් වන්නේ නැත. මෙහි ඉතිහාසයේ ප‍්‍රකර්ශවත් වකවානුවක් පාදක වී නැත. ඩබ්. ඒ. සිල්වාගේ විජයබා කොල්ලයේ, හෝ සුනේත‍්‍රා නොහොත් අවිචාර සමයේ හෝ දෛවයෝගය මෙන් රණශූරයකු කේන්ද්‍ර කොටගත් සටන්වලින් ගහන ඓතිහාසික පුවතක් දැකිය නොහැකිය. මෙරට ඉතිහාසයේ නුවර යුගය සමාප්ත වුයේ 1815 වර්ෂයෙනි. ඒ 1815 දී මෙරට ස්වදේශීය පාලකයන් උඩරට ගිවිසුම නම් පාවාදීමේ ලියවිල්ලකට අත්සන් තැබීමෙනි. අප වීරයකු ලෙස සලකන කැප්පෙටිපොල පවා එම නින්දිත, ගිවිසුමට අත්සන් තබා ඇත. මේ නිසාම ‘මඩරන්’ නවකතාවේ විවරණය වන පරිදි 1818 විමුක්ති අරගලයේ කේන්ද්‍රීය චරිතය ලෙස නිරූපණය කරන්නේ කැප්පෙටිපොල නොව විල්බාවේ උන්නාන්සේය. 1815 න් පසු 1948 දක්වා මෙරට පැවතියේ අධිරාජ්‍යවාදී යටත් විජිත පාලන තන්ත‍්‍රයකි. ඒ නිසා රජවරුන්ගේ යුගය හෙවත් නුවර යුගය 1815 දී නිමාවට පත්විය. ඉන්පසු උදා වූයේ දුඃඛිත තත්ත්වයට පත් කොට සිංහලයන් අසහනයෙන් හා පීඩනයෙන් හෙම්බත් කෙරුණු පාලන අවධියකි. ඒ කොළඹ යුගයේ සමාරම්භක අවධියයි.

 මේ නවකතාවේ තිබෙන අනෙක් විශේෂත්වය නම් පාදක කරගත් ඓතිහාසික පරිස්ථිතිය විශ්ලේෂණය කොට ප‍්‍රතිනිරූපණය කිරීමට උචිත ගන්නා සුලූ බස් වහරක් උපයෝගී කර ගැනීමය. නවකතාකරුවාගේ අභිලාෂය සඵල කර ගැනීමට උචිත බස්වරහකි. ඒ ඒ අතින් එය නිර්මාණාත්මක ගුණයෙන් පෝෂණය වී ඇත. ගැමි සංවාදවලදී ගැමියන්ගේ වේදනාත්මක ආවේග පිට කිරීමට හැම අතින්ම උචිත එම යුගයේ ගැමියන් කතා කරන්නට ඇතැයි සිතිය හැකි බස් වහරක් නිර්මාණාත්මක ලෙස හැසිරවීමට නවකතාකරුවා ප‍්‍රකට කරන විවේක බුද්ධිය අගය කළ යුතුය.

 ගැඹුරු සමාජාර්ථයක් ප‍්‍රකට කරන ‘මඩරන්’ මෑත අවධියේ රචනා වූ අර්ථවත් පුළුල් සමාජ හා ජීවිත විවරණයක් කෙරෙන උසස් නවකතාවක් ලෙස හැඳින්විය හැකිය.

පාඨකයා ඉසියුම් වින්දන අඩවියකට මඩරන්
පාඨකයා ඉසියුම් වින්දන අඩවියකට මඩරන්
advertistmentadvertistment
advertistmentadvertistment