සමගි ජන බලවේගය කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා තමන් මින් ඉදිරියට විපක්ෂය තුළ ස්වාධීන මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරන බව පාර්ලිමේන්තුවේදී ඊයේ (08දා) ප්‍රකාශ කළේය.
මෙම තීරණය තමන් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට ලිපියකින් දැන්වූ බවද කී මන්ත්‍රීවරයා තමා මෙම තීරණය ගත්තේ කිසිවකු සමග ඇති වෛරයක් මත නොව තම ප්‍රතිපත්ති මත බව ද පැවසීය.
එහෙත් තමා වත්මන් ආණ්ඩුවේ කිසිදු ඇමැති ධුරයක් ලබා නොගන්නා බවද විපක්ෂය තුළ මීට වැඩි කාර්යයක් ඉටු කළ යුතු බැවින් මෙම තීරණය ගත් බවද පාඨලී චම්පික රණවක මන්ත්‍රීවරයා එහිදී වැඩිදුරටත් කියා සිටියේය.
අකිත පෙරේරා, රනිල් ධර්මසේන