විදේශවල සැඟවී සිටින මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ පාතාල නායකයන් 42 දෙනකු අත්අඩංගුවට ගැනීමට ජාත්‍යන්තර රතු වරෙන්තු ලබා ගෙන ඇති බව වැඩ බලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා පැවසීය.
ප්‍රංශය, ඉතාලිය ඇතුළු යුරෝපා රටවල් ගණනාවක ද තවත් අපරාධකරුවන් රැසක් සැඟවී සිටින බව පොලිසිය විමර්ශනවලින් අනාවරණය වී ඇත.
මෙම අපරාධකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර පොලිසියේ සහාය ලබා ගෙන ඇති අතර ඔවුන් වෙනුවෙන් ජාත්‍යන්තර රතු නිවේදන ද ලබා ගෙන තිබේ.
මෙරට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් තුන්දහසක ආසන්න පිරිසක් යුක්තිය මෙහෙයුම හරහා මේ වන විට අත්අඩංගුවට ගෙන ඇත. මෙරට මත්ද්‍රව්‍ය අලෙවිය මේ වන විට පාලනය කර ඇති අතර විදේශගතව සිට මෙරටට මත්ද්‍රව්‍ය එවන ජාවාරම්කරුවන් අත්අඩංගුවට ගැනීම පොලිසියේ මීළඟ මෙහෙයුම ලෙස ක්‍රියාත්මක කිරීමට නියමිතය.
හේමන්ත රන්දුණු