පානදුරාවාදයේ 150 වැනි සැමරුම් වසරේ පරිසමාප්ති උළෙල අද

53

මෙරට බෞද්ධ පුනරුදය ඇති කළ ඓතිහාසික පානදුරාවාදයේ 150 වැනි සැමරුම් වර්ෂයේ පරිසමාප්ති උළෙල, අද (28දා) සවස 2.30ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

බුද්ධශාසන අමාත්‍යාංශය, බෞද්ධාලෝක පදනම හා කොළඹ ආනන්ද විද්‍යාලය එක්ව මෙම උළෙල සංවිධානය කරයි.

මෙහිදී ‘පානදුරාවාදයත් සමඟ මිෂනාරි අධ්‍යාපන ක්‍රමයට විකල්පව ඇති වූ බෞද්ධ අධ්‍යාපනය’ යන මැයෙන් මහාචාර්ය සම්පත් අමරතුංග මහතා විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.

එසේම ‘පානදුරාවාදයෙන් ඇති වූ ජාතික ආගමික ප්‍රබෝධය’ මැයෙන් අතිපූජ්‍ය කරගොඩ උයන්ගොඩ මෛත්‍රිමූර්ති මහනායක හිමියන් ද විශේෂ දේශනාවක් පවත්වනු ඇත.

චතුර පමුණුව


advertistmentadvertistment