පානදුර කොවිඞ් මළ සිරුරු සියල්ල ආදාහනය කරයි

517

මෝචරියේ ගොඩගැසී තිබූ කොවිඞ් මළ සිරුරු සියල්ල ඊයේ (08) ආදාහනය කර අවසන් කළ බව පානදුර රෝහලේ වෛද්‍ය අධිකාරී ඉන්ද්‍රානි ගොඩකන්ද මහත්මිය පැවසුවාය.

මළ සිරුරු ආදාහනය කිරීම සඳහා නීතිමය කටයුතු සිදු කිරීමට දින දෙක තුනක් ගතවීම හේතුවෙන්  ගොඩගැසී තිබූ කොවිඞ් 19 ආසාදිත මළ සිරුරු  34 ක් මෙසේ ආදාහනය කිරීමට කටයුතු කළ බව ඇය පැවසුවාය. පෙරේදා (06) මළ සිරුරු 10 ක්ද ඊයේ (07) මළ සිරුරු 12ක්ද ආදාහනය කළ බවත් අද දිනයේ මළ සිරුරු 12 ක්් ආදාහනය කිරීමට නියමිත බවත් ඇය පැවසුවාය.

පානදුර නගර සභාව සහ ප‍්‍රාදේශීය සභාවලට අයත් ගොරකාන, මිනුවන්පිටිය, මාලමුල්ල සහ වාද්දුව-වේරගම ආදාහනාගාර දිසාපතිවරයාගේ උපදෙස් පරිදි පැය 24 පුරා ක‍්‍රියාත්මක කරමින් ඇති බවත් පැවසූ ඇය කළුතර දිසාපති ප‍්‍රසන්න ගිනිගේ සහ කළුතර ප‍්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක උදය ආර්. රත්නායක යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මෙසේ ක‍්‍රියා කිරීමට කටයුතු කළ බවත් වැඩිදුරටත් සඳහන් කළාය.

ආර්.ඒ.එස්. පේ‍්‍රමතිලක – බණ්ඩාරගම

advertistmentadvertistment
advertistmentadvertistment