පානීය ජල බෝතල් සඳහා මෙතෙක් පැවැති උපරිම සිල්ලර මිල ඉවත් කිරීමත් සමග මිලි ලීටර් 500 පානීය ජල බෝතලයක මිල රුපියල් 15 කින් ඉහළ ගොස් ඇත.
ඒ අනුව මෙතෙක් රුපියල් 35 ක් වූ එම පානීය ජල බෝතලයක මිල රුපියල් 50 ක් දක්වා ඉහළ දමමින් ශී‍්‍ර ලංකා පානීය ජල බෝතල් සංගමය නව මිල ගණන් හඳුන්වාදී ඇත.
මෙම නව මිල ගණන් අනුව ලීටරයේ බෝතලයක් රුපියල් 70 ක්ද, ලීටර් 1 1/2 ක බෝතලයක් රුපියල් 90 ක්ද, ලීටර් 5 බෝතලයක් රුපියල් 200 ක් සහ ලීටර් 07ක බෝතලයක් රුපියල් 240 ක් ලෙසින්ද මිල ඉහළ දමා ඇත.
උපාලි ද සේරම්