පාපැදියකින් බෑවුම් මාර්ගයක පහළට ගමන් කරමින් සිටි 13 හැවිරිදි සිසුන් දෙදෙනකු වේගය පාලනය කරගත නොහැකිව හරස් මාර්ගයේ ගල් තාප්පයක ගැටී පෙරේදා (18) සවස සිදුවූ අනතුරින් ඉදිරියෙන් ගමන් කළ සිසුවා මරණයට පත්ව පාපැදිය පදින ලද සිසුවා තුවාල ලබා කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇතැයි දික්වැල්ල පොලිසිය පවසයි.
දික්වැල්ල, දොඩම්පහළ, උඩදෙණිය මාර්ගයේ සිදුවූ මෙම අනතුරින් දික්වැල්ල විජිත මධ්‍ය මහා විද්‍යාලයේ ඉගෙනුම ලබන 13 හැවිරිදි බෝදාහැන්දිගේ ගයේෂන් දිනුජ හස්මික නමැති පවුලේ එකම දරුවා මරණයට පත්ව ඇත. මෙම දරුවාගේ පියා ධීවරයෙකි.
අනතුර සිදුවූ ප්‍රදේශයේ ටියුෂන් පන්තියකට සහභාගි වීම සඳහා මවද සමග ගොස් සිටියදී පන්තිය පටන් ගැනීමට පෙර අතුරු මාර්ගවල යහ`ඵවන් සමග බයිසිකල් පදිමින් සිටියදී මෙම අනතුර සිදුවී ඇති බව පොලිසිය කියයි. හිසට බරපතළ තුවාල සිදුවීමෙන් සිසුවා මරණයට පත්ව තිබෙන අතර මළසිරුර පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය මාතර රෝහලේදී සිදුකිරීමට නියමිතය.
දික්වැල්ල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජී. පී. ටී. ඉෂාන් මහතාගේ උපදෙස් පරිදි රථ වාහන අංශයේ ස්ථානාධිපති උ.පො.ප. සංජය ජයසූරිය මහතාගේ මෙහෙය වීමෙන් පො.සැ. (33413) දිල්නාත්, පො.කො. වරුන් වන (67067) නිශාන්, (40510) ජයලත්, (40532) කාවින්ද, (60806) කිංස්ලි යන නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.
නිමල් හේමසිරි – රදම්පල