පාරම්පරික වෛද්‍යවරියකට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන වෛද්‍ය සහතිකය ලබාදෙන බව පවසා රු. ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමට තැත් කළ ව්‍යාපාරිකයකු සහ ඊට ආධාර කළ තවත් දෙදෙනකු පෙරේදා (22දා) අත්අඩංගුවට ගත් බව අල්ලස් කොමිසම පවසයි.
පනාමුර ප්‍රදේශයේ පදිංචි වෛද්‍යවරියක විසින් අල්ලස් කොමිසම වෙත කරන ලද පැමිණිල්ලක් මත අදාළ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
පැමිණිලිකාර වෛද්‍යවරියට ආයුර්වේද වෛද්‍ය සභාව මගින් ලබාදෙන පාරම්පරික වෛද්‍ය සහතිකය එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස්වරයාගේ අනුදැනුම මත ලබාදීමේ කටයුතු කරදෙන බව පවසා ඒ වෙනුවෙන් රුපියල් ලක්ෂ 10ක මුදලක් අල්ලස් ලෙස ඉල්ලා ඉන් රුපියල් ලක්ෂ 5ක් ලබාගැනීම, ඊට ආධාර හා අනුබලදීමේ චෝදනාව මත සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.
අත්අඩංගුවට ගෙන ඇත්තේ කැලණිය ප්‍රදේශයේ පුද්ගලයකු, පිළිමතලාව ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු සහ නාවලපිටිය ප්‍රදේශයේ රාජ්‍ය නොවන සංවිධානයක සම්බන්ධීකාරකවරයකුය.
සැකකරුවන් ප්‍රසිද්ධ හෝටලයක් තුළදී අල්ලස් මුදල ලබාගැනීමට තැත් කරද්දී කොටු කරගෙන තිබේ.
ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන් සහ ඒ.ජේ.ඒ. අබේනායක