පාර්ලිමේන්තුව අද කථානායක අශෝක රංවල මහතාගේ ප්‍රධානත්වයෙන් රැස්වීමට නියමිතය. අද පෙරවරු 09.30ට පාර්ලිමේන්තුව රැස්වීමට නියමිත අතර එහිදී ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද යෝජනාව පිළිබද විවාදය සිදුකිරීමට නියමිතය.පාර්ලිමේන්තු මහ ලේකම් කාර්යාලය පැවසුවේ අදාළ විවාදය අද සහ හෙට යන දෙදින තුළ පැවැත්වීමට නියමිත බවය. ඊට අදාළ ඡන්ද විමසීම හෙට පස්වරු 5ට පැවැත්වීමට සැලසුම් කර ඇත. මෙම සතිය තුළ පාර්ලිමේන්තුව ලබන 6 වැනිදා දක්වා පැවැත්වීමට නියමිතය. 2025 වසරේ පළමු මාස 4 සදහා වන ආණ්ඩුවේ අතුරු සම්මත ගිණුමට අදාළ යෝජනාව දෙසැම්බර් මස 5 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.ඊට අදාළ විවාදය දෙසැම්බර් 5 සහ 6 යන දෙදින පැවැත්වීමට නියමිතය.එමෙන්ම 10 වන පාර්ලිමේන්තුවේ තේරීම්කාරක සභාව ස්ථාපිත කිරීම ද අද සිදුකිරීමට සැලසුම් කර තිබේ.
|