පාර්ලිමේන්තු ප‍්‍රශ්නෝත්තර කාලය පැයකට සීමා කරයි

155

මන්ත‍්‍රීවරුන් විසින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් විමසනු ලබන ප‍්‍රශ්න විමසීමේදී සහ ඒවාට පිළිතුරු ලබාදීමේදී වැයවන කාලය අවම කර ගැනීමේ අරමුණින් එම ප‍්‍රශ්නෝත්තර වටය පෙරවරු 11 ට අවසන් කිරීමට තීරණය කළ බව කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (06 දා* පැවසීය.

 ඒ අනුව පෙරවරු 10 ට ඇරඹෙන පාර්ලිමේන්තු රැස්වීම පැයක කාලයකට සීමා කෙරෙන අතර, එය ඊයේ දින සිටම ක‍්‍රියාත්මක කළ අතර ඒ අනුව ඊයේ දින ප‍්‍රශ්න තුනක් ඇසීම පසු දිනකට කල් දැමිණි.

 පාර්ලිමේන්තු කාලය නාස්ති කිරීම තවදුරටත් අවම කිරීමේ අරමුණින් වාචික පිළිතුරු අපේක්‍ෂාවෙන් ප‍්‍රශ්න විමසීමේදී අතුරු ප‍්‍රශ්න ඇසීමේදී අනවශ්‍ය ප‍්‍රශ්න මතු නොකිරීමටත්, අදාළ ඇමැතිවරු කෙටියෙන් පිළිතුරු ලබාදිය යුතු යැයි ද කථානායකවරයා සඳහන් කළේය.

 ඊට අමතරව 27 (2* යටතේ පක්‍ෂ නායකයන් ප‍්‍රශ්න විමසීමේදී විනාඩි 05 කට සීමා කිරීමත්, ඒවාට පිළිතුරු දීමට විනාඩි 05 ක් බැගින් ලබාදීමට ද තීරණය කළ බව හෙතෙම කීය.

 කෙසේ වෙතත් අදාළ තීරණය සම්බන්ධයෙන් විපක්‍ෂ මන්ත‍්‍රීවරු සිය අප‍්‍රසාදය පළ කළේය.

 හර්ෂ ද සිල්වා මහතා –

 මම ප‍්‍රශ්න 10 ක් ඉදිරිපත් කර තිබෙනවා. දැන් අවුරුදු එකක් පමණ වෙනවා. තවම එක ප‍්‍රශ්නයයි අහන්න ලැබුණේ. එතකොට ඒ ප‍්‍රශ්නවලින් වැඩක් නෑ. දැන් මේ විදිහට කාලය අඩු කිරීම අසාධාරණයි.

 කථානායක –

 ප‍්‍රශ්න විමසීම සියලූදෙනාට බෙදී යන ආකාරයේ වැඩපිළිවෙළක් හදනවා.

 නිමල් ලන්සා මහතා –

 මන්ත‍්‍රීවරුන්ට ප‍්‍රශ්න ඉදිරිපත් කරන්න දෙන්නෙ නැත්නම් ඒක අසාධාරණයි. දවසක් හරි වෙන් කරලා ප‍්‍රශ්න අහලා පිළිතුරු දෙමු. හැබැයි මේ අය පක්‍ෂ නායක රැුස්වීමේදී එකක් කියල මෙතැනට ඇවිත් තව එකක් කියනවා.

 චමින්ද විජේසිරි මහතා –

 විපක්‍ෂය විසින් ගේන ප‍්‍රශ්න දිගින් දිගටම කප්පාදු කරනවා. එහෙම කරන්න එපා. අපේ ප‍්‍රශ්නය අපට අහන්න ඉඩ දෙන්න. මේ ප‍්‍රශ්න අහන වැඩපිළිවෙළ ඵලදායකයි.

 කථානායක –

 ප‍්‍රශ්න අහන්න වෙනමම දින දෙකක් දෙන්න තීරණය කළා. කලබල වෙන්න එපා.

 ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා –

 අද මේ අය විපක්‍ෂ නායක සමඟ කතා කරලා ආවා නම් මේවා දැනගෙන ඉන්න ඕනෑ. න්‍යාය පත‍්‍රය අනුව කටයුතු කරමු.

 හර්ෂ ද සිල්වා මහතා –

 ප‍්‍රශ්න කපනවාට වඩා අතුරු ප‍්‍රශ්න එකක් අහන්න දෙමු. ඒක හොඳද?

 කථානායක –

 මේ ගැන මන්ත‍්‍රීවරු කතා කරල එනව නම් හොඳයි.

 ජොන්ස්ටන් ප‍්‍රනාන්දු මහතා –

 පක්‍ෂය සමඟ සාකච්ඡුා කරල කණ්ඩායමක් එක්ක කතා කරල එනවා නම් මෙතැන මේවා කරන්න ඕනෑ වෙන්නෙ නෑ

 හේෂා විතානගේ මහතා –

 මේක කප්පාදු කරන්න එපා. මේ ප‍්‍රශ්න අහන්න විපක්‍ෂයේ අපට අඩුවෙන් ඉඩ ලැබෙන්නේ.

අකිත පෙරේරා, රනිල් ධර්මසේන

advertistmentadvertistment
advertistmentadvertistment