පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂගේ චෝදනාව උපකල්පනයක්ලූ

656


ඖෂධ නියාමන අධිකාරියේ දත්ත මකා දැමීමේ සිද්ධියට ටෙලිකොම් ආයතනය
වගකිවයුතු බවට තමා පැවසූවේ උපකල්පනය කරමින් යැයි ගාල්ල දිස්ත‍්‍රික් සමගි ජන බලවේගය පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත‍්‍රී මනූෂ නානායක්කාර මහතා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට ප‍්‍රකාශයක් ලබාදෙමින් පැවසීය. මන්ත‍්‍රීවරයා කර තිබූ මෙම ප‍්‍රකාශය සම්බන්ධව ටෙලිකොම් ආයතනය මගින් අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කළ පැමිණිල්ලකට අනුව ඒ සඳහා විමර්ශනයක් ආරම්භ කර තිබූ අතර ඒ අනුව මන්ත‍්‍රීවරයා අද අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට කැඳවූ අවස්ථාවේදීමේ බැව් පවසා ඇත.අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුව මන්ත‍්‍රීවරයාගෙන් පැය තුනක් පමණ ප‍්‍රශ්න කර තිබුණි.

advertistmentadvertistment
advertistmentadvertistment