පාරිභෝගික තරුණියක් සුපිරි වෙළෙඳසලක සිටි පිඹුරකු අල්ලා ඉවත් කරයි

1438

ඔස්ටේ‍්‍රලියාවේ සිඞ්නි නගරයේ පිහිටි ප‍්‍රකට ”වුල්ස්වර්ත්” සුපිරි වෙළෙඳ සංකීර්ණ සාප්පුවේ පිහිටි කුළුබඩු ද්‍රව්‍ය ගබඩා කර තිබූ රාක්කයේ සිටි පිඹුරකු එහි භාණ්ඩ තෝරමින් සිටි තරුණියක් විසින් බෑගයක බහා ඉවත් කිරීමේ සිදුවීමක් විදෙස් මාධ්‍ය විසින් වාර්තා කර තිබේ.

 ඉකුත් සඳුදා සිදුව ඇති මෙම සිදුවීමේදී මීටර් තුනක් පමණ දිගැති ”ඩයමන්ඞ් පයිතන්” යනුවෙන් හැඳින්වෙන විෂ රහිත පිඹුරකු මෙසේ බෑගයක බහා ඉවත් කර ඇත්තේ වනසතුන් පිළිබඳව හසල දැනුමක් ඇති 25 හැවිරිදි වියෙහි පසුවන හෙලේනා අලාටි නමැති තරුණියකි.

 ඉකුත් සඳුදා සිඞ්නි නගරයේ වුල්ස්වර්ත් සුපිරි වෙළෙඳසල වෙත ගොස් ඇති හෙලේනා මෙම පිඹුරකු දැක ඇත්තේ කුළුබඩු රාක්කයේ ඇයට සෙන්ටි මීටර් 20ක් පමණ දුරින් සිටියදී වන අතර වහා ක‍්‍රියාත්මක වූ ඇය එම පිඹුරා පිළිබඳව වෙළෙඳසලේ සේවකයන්ද දැනුවත් කර සිය නිවෙසට ගොස් නයි දමන බෑගයක් රැුගෙන විත් පිඹුරා එහි බහා ඉවත් කර ඇත. අනතුරුව එම පිඹුරා සිය නිවෙස අසල පිහිටි කැලෑවට මුදා හැරීමට හෙලේනා පියවර ගෙන තිබේ.

advertistmentadvertistment
advertistmentadvertistment