අධික වර්ෂාවත් සමග මහවැලි ගෙ`ග් පාරුවක් ගැට ගැසීමට ගිය දෙදරු පියෙකු මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇති බව නාවලපිටිය පොලිසිය පැවසීය.
මෙසේ මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී ජීවිතක්ෂයට පත් වී ඇත්තේ නාවලපිටිය මැදගහවතුර ප‍්‍රදේශයේ පදිංචි කේ.ජී. තිස්ස නමැති (54) හැවිරිදි දෙදරු පියෙකි.

මහවැලි ගෙ`ග් මැදගහවතුර ප‍්‍රදේශයේ හෙල්ලෙන පාලම කඩා වැටී ඇති නිසා එම ගම්මානයේ වැසියන් මහවැලි ග`ග තරණය කරනු ලබන්නේ පාරුවකින් වන අතර 27 දින පස්වරුවේ නාවලපිටිය ප‍්‍රදේශයට ඇද හැලූණ අධික වර්ෂාවත් සමග ගම්වාසියෙක් වන මරණකරු පාරුව ලණුවකින් ගැට ගැසීමට ගිය අවස්ථාවේ ඔහු මහවැලි ගෙ`ග් සැඩ පහරට හසු වී අතුරුදහන් වී ඇත.
අතුරුදන් වූ කේ.ජී. තිස්සගේ සිරුර 28 දින අතුරුදන් වූ ස්ථානයේ සිට කිලෝමීටර් 1 ඃ පමණ දුරින් පිහිටි නාවලපිටිය මල්ලන්ද ප‍්‍රදේශයේ මහවැලි ගෙ`ග් තිබී ප‍්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇත.
සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය පරීක්ෂණ පවත්වයි.
ඡායාරූප හා සටහන නුවරඑළිය නාලක රත්නායක