නිකිණි පෝදා (22දා) පැවති සෙංකඩගල ශ‍්‍රී දළදා අවසන් මහා රන්දෝළි පෙරහැරේ කරඬුව වැඩම කළ නැදුන්ගමුවේ රාජා ඇතා කරඬුව පිට මත හොවාගෙන සිදුකරන ලද සුවිශේෂී කි‍්‍රයාවක් පේ‍්‍රක්ෂකයන්ගේ දැඩි අවධානය දිනා ගත්තේය.

ඒ, දළදා මාළිගාවේ වාහල්කඩ සිට සඳකඩපහණ (සඳගලට) බසින පඩි පෙළ දිගේ එළා තිබුණු සුදු පාවඩය ඇතා විසින්ම ඉතා පිළිවෙළට සකස් කරමින් ඒ මතින් බැසීමය.
රාජා තම හොඬය හා ඉදිරි පාද ආධාරයෙන් පඩි පෙළ දෙකකදී දෙවතාවක්ම මෙලෙස පාවාඩය පිළිවෙළට සකස් කරමින් සඳගල දක්වා බැස ආවේය.
ජගත් කනහැරආරච්චි