ඇමෙරිකාවේ ජෝර්ජියා ප්‍රාන්තයේ ඇපලාචි උසස් අධ්‍යාපන පාසලේ දී ශිෂ්‍යයකු විසින් සිදු කළ වෙඩි තැබීමකින් ශිෂ්‍යයින් දෙදෙනෙකු සහ ගුරුවරුන් දෙදෙනෙකු මිය ගොස් ඇත.විදෙස් මාධ්‍ය වාර්තා කරන අන්දමට මෙම වෙඩි තැබීම සිදු කර ඇත්තේ 14 හැවිරිදි ශිෂ්‍යයෙකි.ඔහු අත්අඩංගුවට ගෙන තිබේ.ඊයේ පෙරවරු 10.20ට පමණ මෙම වෙඩි තැබීම සිදු කර ඇත.ඉන් තුවාල ලැබූ ගුරුවරයෙකු සහ ශිෂ්‍යයින් 08 දෙනෙකු රෝහල් ගත කර තිබේ.2024 වසරේදී ඇමෙරිකාවේ පාසල්හි සිදුවූ 46 වැනි වෙඩි තැබීම ලෙස මෙය වාර්තා වන බව ද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.