පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24න් පසු පවත්වන්න

56

පවතින අධික උෂ්ණත්වය සහිත කාලගුණ තත්ත්වය හමුවේ පාසල් ක්‍රීඩා උත්සව අප්‍රේල් 24 වැනිදායින් පසුව පත්වන ලෙස අධ්‍යාපන අමාත්‍යංශය ඊයේ (18දා) චක්‍රලේඛයක් නිකුත් කරමින් දන්වා ඇත.

මේ වන විට පාසල් පළමු වාරය තුළ පැවැත්වීමට සැලසුම් කර ඇති පාසල් වාර්ෂික ක්‍රීඩා උත්සව තරග ඇතුළු විවිධ එළිමහන් ක්‍රියාකාරකම් පළමු, දෙවැනි හා තෙවැනි වාරයේදීම (පළමු වාරය මැයි 31 තෙක් ක්‍රියාත්මක වන බැවින් අප්‍රේල් 24 දිනෙන් පසුව) පැවැත්වීමට හැකි වන පරිදි කල්දමන ලෙසත් සිසුන්ගේ සෞඛ්‍ය සහ ජීවිත ආරක්ෂාව උදෙසා විශේෂ අවධානයක් යොමු කරමින් කටයුතු කරන ලෙසත් අධ්‍යාපන අමාත්‍යාංශ ලේකම් වසන්තා පෙරේරා මහත්මිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛයේ සඳහන් වේ.

අමාත්‍යාංශ ලේකම්වරිය විසින් නිකුත් කරන ලද චක්‍රලේඛය සියලුම විදුහල්පතිවරුන් වෙත යොමු කර ඇත. පාසල් ක්‍රීඩා උත්සවයක් පවත්වන්නේ නම් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේදී 117 හදිසි ඇමතුම් අංකයෙන් හෝ හදිසි මෙහෙයුම් මැදිරියේ 0112136136 අංක අමතා උපදෙස් ලබාගත හැකි බවද චක්‍රලේඛයෙන් දැනුම් දී ඇත.

චමින්ද සිල්වා

advertistmentadvertistment
advertistmentadvertistment