පාසල් දර්ශණ… තානායම්පල්ලාගේ සටහන

250

පළාතකින් පළාතකට ඇතුළු වීමට නොහැකි අයුරින් අන්තර් පළාත් ගමනාගමනය තහනම් කර තිබුණත් දැවැන්ත තාර පාරෙ අතොරක් නැතිව වාහන එහාටත් මෙහාටත් ඇදෙමින් තිබුණා.
 
 තවමත් ජනාකීර්ණ නොවුණු තානායම් ඉදිරි ආලින්දයේ ඇ`දි පුටුවකට බර දී සිටි මම නොදැනිම කල්පනා ලෝකයට පිවිසුණා.
 
 එන්නත් මාත‍්‍රා දෙකම ලබාගත් විදේශ සංචාරකයින් මෙරටට ගෙන්වීමට ගෙන ඇතැයි පැවසෙන තීරණය සංචාරක ක්‍ෂේත‍්‍රයේ නියැළෙන පිරිසට යම් අස්වැසිලිදායක පුවතක් බව ඇත්ත.
 
 එහෙත් ඊට ප‍්‍රතිවිරුද්ධ අදහස් දරනා උදවියගේ මතයත් අපට එක හෙළා ප‍්‍රතික්‍ෂේප කරන්නට බෑ.
 
 නමුත් ප‍්‍රභේදය වෙනස් කරගනිමින් මාරාවේෂයෙන් අප හඹා එන කොවිඞ් මරුවාගෙන් මිදෙන්නට අපට ඇති එකම පිළිසරණ එන්නත්කරණයම පමණයි.
 
 වෙනදා ලෝකයේ ඕනෑම රටක සිදුවන ප‍්‍රධානතම ආයෝජනය එම රටේ ළමා පරපුරට ලබා දෙන අධ්‍යාපනයයි.
 
 නමුත් අද ලෝකයේ සෑම රටකම පාහේ සිදුවන එකම අනාගත ආයෝජනය එම රටේ ජනතාවට කොවිඞ් ආරක්‍ෂිත එන්නත ලබා දීමේ ක‍්‍රියාවලිය යැයි කීවොත් ඇත්තටම එය නිවැරදියි.
 
 ‘‘…එස්කියුස්මී සර්… රුපියල් පන්දාහෙ කොළයක් මාරු කර ගත හැකිද?…..
 
 උඩ ගිහින් බිම වැටුුණු මම කටහ`ඩ සද්දෙ ආවෙ කොහෙන්ද කියලා හිතාගන්න බැරිව තක්බීර් වෙලා වටපිට බැලූවා.
 
 ‘‘…මෙහේ…මෙහේ සර්…..
 
 මගේ කෝපය ඉහවහා ගියා. අමුත්තෙක් සද්ද නැතිවම තානායම් ආලින්දයට ඇවිත්. ඔහු පැමිණ තියෙන්නෙ සුදු වැලි අතුරපු නියමිත වැලි පාරෙන් නෙමෙයි. මල් ගස් උඩින් පැනගෙන. මම ඉ`දගෙන ඉන්න තැනට ඇවිත් පන්දාහෙ නෝට්ටුවක් දික් කරන ඔහු තට්ට හිසක් ඇති වියපත් මහත්මයෙක්.
 
 ‘‘…පන්දාහෙ කොලයක්..? ඔබ තුමා කොහෙන්ද මෙතෙන්ට ආවේ…?
 
 මම කෝපය ස`ගවගෙන ඇහුවා.
 
 ‘‘…මම මෙහාට කලින් ඇවිත් තියෙනවානේ සර්… ඔබතුමාට මතක නැතිව ඇති. මම රවුමෙන් නෑවිල්ලා ෂෝට් කට් එකෙන් මල් වැටට උඩින් පැනලා ආලින්දෙට ගොඩ වුණේ ඒකයි…..
 
 ‘‘…රුපියල් පන්දාහ මාරුකරලා දෙන එක නම් සුළු දෙයක්. නමුත්
 
 මල්ගස් උඩින් පැනගෙන ඇවිත් ඔය විදියට ආපු එක නම් ඔබතුමාගෙ වයසට අනුව කීයටවත් අනුමත කරන්න බෑ.. කමක් නෑ. මෙහෙ දෙන්න නෝට්ටුව…..
 
 මම පුටුවෙන් නැගිටලා කැෂියර් කවුන්ටරේ දිහාවට ඇවිදගෙන ගියා.
 
 අමුත්තාත් කරබාගෙන මගේ පසුපසින් ආවා.
 
 ‘‘… මම මීට කලින් මෙහාට ඇවිත් තියෙනවා විතරක් නෙමෙයි සර්… ඔබතුමා එදා මට අමතක නොවන ලොකු උදව්වකුත් කළා…..
 
 අමුත්තා යටහත් හ`ඩින් කීවා. මම එක්වනම ආපසු හැරී ඔහුගේ මුහුණ හො`දහැටි බැලූවා.
 
 ‘‘…..සර්… අර… ඉස්කොලෙ ළමයි කට්ටියක් ටි‍්‍රප් එකක් ආපු බස් එකක්… කැඩිලා වගෙයි නේද?… තෙල් නැතුවද දන්නෑ……
 
 වේටර් රොෂාන් මගේ පුටුවේ පිට ඇන්දට අත තියාගෙන ඇහුවා.
 
 ‘‘…අර පාරෙන් එහා පැත්තේ… ගිනි අව්වේ ළමයි කට්ටිය බස් එකෙන් බිමට බහින්නේ…..
 
 රොෂාන් හරි. අටේ නමයේ වගේ පන්ති වල ඉගෙන ගන්නා ගැහැනු දරුවන් පණහක් හැටක් බස් එකෙන් බහිනවා.
 
 ගිනි අව්වෙන් මුවා වෙන්න ගසක් වත් නැති ¥විලි මහපාර අයිනේ විදුලි වේගයෙන් දිවයන” ඇතුළත සීතල පිටත ගිනියම් වාහන වලින් කැලතෙන හුළං පාරට උඩයන පාසල් සුදුගවුම් අතින් කලවට තද කරගෙන ඒ ඉස්කෝලෙ කෙල්ලො ?න හිනාවෙමින් තානායම දිහාව බලාගෙන හිටියා.
 
 ‘‘…අන්න… ඒ… ළමයි එක්ක ආපු සර් කාරයෙක් කඩාගෙන තානායම පැත්තට එනවා… ෂුවර් එකටම ළමයින්ට ටොයිලට් යන්න ඕන ඇති…..
 
 වේටර් රොෂාන් මට පසුපසින් සිට අනාවැකි කථනය කළා.
 
 ‘‘…මං නියොජ්‍ය විදුහල්පති… ඉස්කෝලෙ ළමයි ටික චිත‍්‍රපටයක් පෙන්නන්න හෝල් එකට එක්ක ආවා… බස් එකේ ඞීසල් බ්ලොක් එකක්ලූ… හුළං ඇදලාලූ…..
 
 කෙස`ග සිරුරකින් හා ගැමි පෙනුමෙන් යුතු නියොජ්‍ය විදුහල්පතිවරයා අසරණව මා දිහාව බලා සිටියා.
 
 ‘‘…හෝල් එකෙත් ෆිල්ම් එකේ ඉන්ටවල් එක දුන්නෑ සර්… මොකද පටන් ගන්න ලේට් වුණ නිසා…..
 
 අමුත්තා යටහත් හ`ඩින් කියනවා.
 
 ‘‘…ඇයි ඒ ලේට් වුණේ… හෝල් එක අවුල්ද?…..
 
 ‘‘… නෑ සර්… හෝල් එකේ නෙමෙයි… අපේ පළාත් අධ්‍යාපන බලධාරීන්ගේ…..
 
 ‘‘…මොකක්…?..
 
 ‘‘…ඔව් සර්… ඇතැම් පළාත් පාසල් වල කිසිම කටයුත්තකට ළමයින්ගෙන් පාසල තුළ මුදල් එකතු කරන්න බෑ. තහනම්… ඒ නිසා අපි එක්ක ගිය ළමයි හැත්තෑ දෙනා එක එක්කෙනා තනි තනිව ටිකට් ගත්තෙ… ඉතින් ටිකට් අරන් ඉතුරු සල්ලි දෙන්න ගියාම ලොකු වෙලාවක් ගතවුණා. ඒකයි ෆිල්ම් එක පටන් ගන්න ලේට් වුණේ…..
 
 නියෝජ්‍ය විදුහල්පතිවරයා කනස්සලූ හ`ඩින් කියාගෙන ගියා.
 
 ‘‘..ඒ මදිවට අපේ පමාව නිසා ඊළ`ග ෂෝ එක පටන් ගන්න ප‍්‍රමාද වෙන නිසා ඉන්ටවල් එකක් නොදීම පැය දෙකයි විනාඩි පහළවක් දිග ෆිල්ම් එක එක දිගටම ඇද්දා… ඉතින් සර්… අපි ආපු බස් එකෙත් ඞීසල් බ්ලොක් වෙලා මිකෑනික් එක්කන් එන්න ගියා…
 
 දැන් ළමයින්ට සුළුදිය පහ කරන්න ඕනලූ.
 
 විදුහල්පතිවරයා ඔවුන් පෙලනා පීඩනය සංක්‍ෂිප්තව මුදා හැරියා.
 
 කෙල්ලොනේ මැනේජර් මහත්තයා… ගහක් පල්ලට පලයං කියන්නයැ…..
 
 විදුහල්පතිවරයාගේ කම්පනය මගේ විඥානයට උරාගන්න මට තත්පර කීපයක් ගතවුණා.
 
 ‘‘…අවුලක් නෑ… එන්න කියන්න දරුවන්ට…..
 
 මං විදුහල්පතිවරයාගේ ආතතිය සමනය කළා.
 
 ළමයි දෙන්නා බැගින් අත් අල්ලගෙන තානායමට ගොඩවෙද්දි මට මගේ දරුවො මතක් වුණා.
 
 ‘‘…කමක් නෑ…ලේඞීස් ජෙන්ට්ස් දෙකටම යවන්න… අවශ්‍ය වුණොත් චේන්ජින් රූම් එකේ දොරත් ඇරලා දීලා ඒකෙ ටොයිලට් එකත් දරුවන්ට පාවිච්චි කරන්න දෙන්න`..
 
 මං මගේ උපරිමය මුදා හැරියා.
 
 ‘‘…ඉතින් කොහේද මේ ඉස්කෝලෙ…‘
 
 විදුහල්පති වරයා මට ඉස්කෝලෙ නම කිව්වා.
 
 ‘‘…වැඩක් නෑ කියලා මැනේජර් මහත්තයා… දැන් ඉස්කෝල වලින් දරුවො එළියට ගන්න තියෙන නීති කන්දරාව මේ චිත‍්‍රපටිකාරයො දන්නෙ නෑ… පාසල් ප‍්‍රදර්ශනයට අනුමැතිය ගන්න එක සම්බන්ධකම් තියෙන නිෂ්පාදකවරයකුට කජ්ජක් නෙමෙයි.
 
 නමුත් දරුවො ඉස්කෝලෙන් හෝල් එකට ගෙනියන්න තියෙන නීති කන්දරාව දන්නවා නම් බල්ලො බත් කන්නෑ…..‘
 
 විදුහල්පතිවරයා ආවේගශීලීව කියාගෙන ගියා.
 
 ‘‘….අලූත්ම නීතිවලට අනුව ගේට්ටුවෙන් එළියට වුණත් බස් එකකින් ළමයි පාසලෙන් පිටතට ප‍්‍රවාහනය කරන්න නම්…
 
 බස්රථයේ ගමන් ගන්නා සෑම ළමයෙකුටම එක්දින රක්‍ෂණ ආවරණයකට යටත් කරලා රක්‍ෂණ සහතිකයක් තියෙන්න ඕනෑ…..
 
 ‘‘…මොකක්… එක්දින රක්‍ෂණයක්…..
 
 ‘‘…ඔව් මැනේජර් මහත්තයා… ඒ විතරක් නම් බැරියැ මිශ‍්‍ර පාසලක නම් ගැහැනුු ළමයි පිරිමි ළමයි එකම බස්රථයේ ප‍්‍රවාහනය කරන්නත් බෑ. බස් දෙකකයි ගෙනියන්න ඕනෑ නීතියට අනුව නම්…..
 
 ‘‘…මොනවා… එක බස් එකකට කුලිය ගෙවන්නත් බැරි දුප්පත් පාසල් වලින් කොහොමද ගැහැනු පිරිමි බස් දෙකක් යොදවන්නේ… අනික එකම පාසලේ එකම බංකු වල ඉන්න ළමයින්ට ඇයි එකම බස් එකේ යන්න තහනම්…..
 
 මං වේගයෙන් ඇහුවා.
 
 විදුහල්පතිවරයා විපක්‍ෂයේ සාමාජිකයෙක් දිහාව වගේ මගේ මූණ බලාගෙන හිටියා.
 
 ‘‘…කොයි කාලේද ඔය නීති ආවේ…..
 
 ‘‘…දැන් සෑහෙන කාලයක් මැනේජර් මහත්තයා…..
 
 ඉතින් ඒවගේ රක්‍ෂණයකට යටත් කරපු එකෙන් වාසියක් වෙලාම නැද්ද?…
 
 ‘‘… අපොයි ඇයි නැත්තේ… එක සැරයක් ටි‍්‍රප් එකක් ගියපු ළමයෙක් වැටිල අතක් කැඩිලා රුපියල් තුන්දාස් ගාණක් ගෙවල තිබුණා… හැබැයි ටීචර්ලාට ත‍්‍රී වීල් වලටයි ෆාමසි බේත් වලටයි ඊට වඩා වියදම් වෙලත් තිබුණා.
 
 මම හිස කැසුවා.
 
 ‘‘…ඇත්තටම පාසල් දර්ශන වලට අනුමැතිය ගන්නා චිත‍්‍රපට නිෂ්පාදකවරුන් මේවා ගැන ප‍්‍රසිද්ධ කතිකාවක් හදන්න ඕනෑ සර්…
 
 විදුහල්පතිවරයා ආවේගයෙන්
 
 කියාගෙන ගියා.
 
 තවදුරටත් ඔහුව වෙහෙසට පත්කිරීම නුසුදුසුය සිතුණු නිසා මං මාතෘකාව වෙනස් කළා.
 
 ‘‘..විදුහල්පති තුමා මේ දවස් වල මොකද කරන්නේ….
 
 ‘‘…කොරෝනා වලට ඉස්කෝ්ලත් නැති නිසා මම බිත්තර බිස්නස් එකක් පොඩියට පටන් ගත්තා මනේජර් මහත්තයා… තැන්කියු පන්දාහ මාරුකරලා දුන්නාට…..
 
 
 
– රන්ජන් ගාමිණී ජයවර්ධන

advertistmentadvertistment