රන්දික දීෂාන් විජේමාන්න අධ්‍යක්ෂණය කරන විශ්ම සිනමා නිර්මාණය මේ දිනවල ඊ.ඒ.පී. මණ්ඩලය ඇතුළු සිනමා හල් රැසක තිරගත කෙරේ. විශ්ම තිර කතාව සහ සිනමා පිටපත ශිරාජ් රසීන් සහ රුහුණගේ සඳමාලි විසිනි. විශ්ම නිර්මාණය ගැන රුහුණගේ සඳමාලි සිනමා කලා වෙත මෙලෙස අදහස් දැක්වූවාය.
මෙහි තිරපිටපත මගේ සහ මගේ සැමියාගේ අදහසකට අනුව නිර්මාණය වූවක්. මුලින්ම මේ අදහස ආවේ මගේ සැමියා වන ශිරාජ්ට.
මිනිස්සුන්ගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් විදිහට වගේම සමාජයට පණිවුඩයක් දෙන්න පුළුවන් විදිහට තමයි මෙම කතාව වැඩිදියුණු කළේ. අනික සමාජයේ අපි නිතර දකින දේවල් අත්දැකීමට අරගෙන වෙනස් කරන්න පුළුවන් තැන්වල වෙනස් කරලා තමයි විශ්ම නිර්මාණය කළේ. ඒ වගේම මගේ සැමියා වන ශිරාජ් සහ මම තමයි මෙය නිෂ්පාදනය කළේ. 2 s VENTURES ආයතනය හරහා තමයි විශ්ම නිෂ්පාදනය කළේ. මේ වෙනකොට ඉතාමත් ඉහළ ප්‍රතිචාර අපිට ලැබෙනවා. මේක වෙනස්ම පවුලේ කතාවක්. මොකද අපේ රටේ ප්‍රේක්ෂකයෝ සිනමාහලකට ගිහිල්ලා චිත්‍රපටයක් බලන්නේ ආපහු ගෙදර ප්‍රශ්න ටිකක් අරගෙන යන්න නෙමෙයි. ඉතිං විශ්ම සමග සිනමාහලක ගත කරන පැය එකහමාරක කාලය ඇතුළත ඉතාමත් හොඳ රස වින්දනයක් ලබාදෙනවා කියලා තමයි අපිට කියන්නේ.
චිත්‍රපටයක් කරනවා කියන එක ලේසි නැහැ. විශ්ම රූගත කිරීමේදී අපිට යම් යම් අභියෝග ආවා. හැබැයි ඊට වඩා අභියෝග ආවේ තිරගත කිරීමේදී තමයි. මේක අපේ පළමු චිත්‍රපටය. එතකොට අපිට චිත්‍රපට තිරගත කිරීම ගැන අත්දැකීම් නැහැ. අන්තිමේ අපේ කොහොම හරි විශ්ම තිරගත කළා. මේ වෙනකොට එහි අත්දැකීම් ලබාගෙන යනවා. අපි නොදන්න ගොඩක් දේවල් තියෙනවා. අද වෙනකොට සිනමාවේ ලොකු පිබිදීමක් තියෙනවා. විශ්ම අපිට සාර්ථක කරගන්න එහි අධ්‍යක්ෂවරයාගේ ඉඳලා කාර්මික මණ්ඩලය වගේම සියලුම දෙනාගේ ලොකු සහයෝගයක් ලබාදුන්නා. අපිට සිනමාව ඕනෑ. මොකද මිනිස්සුගේ ජීවිතය වෙනස් කරන්න පුළුවන් කලාව තුළින්. මේ කේෂ්ත්‍රයට නවකයන් එන්නත් ඕනෑ. අපි ඔවුන්ට අතහිත දෙන්නත් ඕනෑ. නවකයන්ට වගේම දක්ෂතා තියෙන අයට අපි සහයෝගය දක්වන්න ඕනෑ. එළැඹෙන පාසල් නිවාඩු කාලයේ පුංචි දරුවන් සමග ඇවිත් විශ්මගේ කතාව බලන්න කියලත් අපි ආරාධනාවක් කරනවා.