පාසල් පාවහන් තිළිණ පත්වල වලංගු කාලය අප්‍රේල් 10ට දික් කරයි

16

පාසල් පාවහන් ලබාදීම සඳහා වන තිළිණ පත්වල වලංගු කාලය අප්‍රේල් 10 වැනිදා දක්වා දීර්ඝ කළ බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මීට පෙර අමාත්‍යාංශය දැනුම් දී තිබූ නිවේදනයට අනුව මෙම වසර සඳහා වන එම තිළිණ පත්වල වලංගු කාලය ඊයේ (20දා) දිනයෙන් අවසන් වීමට නියමිතව තිබිණි.

චමින්ද සිල්වා


advertistmentadvertistment