පාසල් සිසුන්ට අතවර කොට කොටුවූ උණවටුණේ කපුවා ගාල්ලෙන් අඟුණුකොළපැලැස්සට මාරු කරයි

760

බාලවයස්කාර පිරිමි දරුවන් ලිංගික ක්‍රියාවලට යොදාගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව සිටින උණවටුණ මැටරඹ සතරමහාදේවාලයේ කපුවා ගාල්ල බන්ධනාගාරයෙන් අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කළ බැව් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය.

කපුවාගේ ආරක්ෂාව පිළිබඳ සැලකිල්ලට ගෙන ඔහු 15දා පස්වරුවේ දී ගාල්ල බන්ධනාගාරයේ සිට අගුණුකොළපැලැස්ස බන්ධනාගාරය වෙත මාරුකර යැවීමට කටයුතු කළ බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය. බාලවයස්කාර සිසුන් අපයෝජනය කිරිම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබූ මෙම කපුවා මෙම මස 23 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකොට තිබුණි.

ලලිත් චාමින්ද සහ එස්. කේ. කළුආරච්චි ගාල්ල

advertistmentadvertistment
advertistmentadvertistment