බාල වයස්කාර පාසල් දැරියකගේ සහ දාහත් හැවිරිදි තරුණයකුගේ සිරුරු දෙකක් ගලේවෙල පාළු නිවසක තිබී පොලිසිය මගින් ඊයේ (19දා) සොයාගෙන තිබේ.
මොවුන් දෙදෙනා සියදිවි නසාගෙන ඇතැයි මූලික පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇති අතර ඝාතනයක්ද යන්න පිළිබඳ සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.
මොවුන් දෙදෙනා අතර ප්‍රේම සම්බන්ධතාවක් තිබී ඇති අතර වයස අවුරුදු 14 ක් වන දැරිය මීට ටික දිනකට පෙර දාහත් හැවිරිදි තරුණයා සමග නිවසින් පැනගොස් සිටියදී ඔවුන් දෙදෙනා සොයාගෙන ඇත. ඒ අනුව අධිකරණය මගින් බාල වයස්කාර දැරිය දෙමාපියන්ට භාර දී ඇත.
එම සිද්ධියෙන් පසු යළිත් වතාවක් මොවුන් දෙදෙනා නිවසින් පලාගොස් තරුණයාගේ ගම් ප්‍රදේශය වන ආදාවල පාළු නිවසකට ගොස් ගෙල වැලලාගෙන ඇතැයි පොලිසිය පවසයි.
සිද්ධිය පිළිබඳව ගලේවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.
හේමන්ත රන්දුණු