පාසලේ ගෙදර වැඩ දුරකථනයෙන් එපා – මවුපියෝ ඉල්ලති

204

බොහෝ දරුවන් ජංගම දුරකථනවලට ඇබ්බැහි වී සිටින බවත්, මෙම තත්ත්වය තුළ තමන් දැඩි මානසික පීඩනයකින් පෙළෙන බවත් දෙමාපියෝ පවසති.

පවතින තත්ත්වය තුළ දරුවන්ට ජංගම දුරකථන ලබා නොදෙන ලෙසට මානසික රෝග පිළිබඳ විශේෂඥ වෛද්‍යවරුන් දෙමාපියන්ගෙන් ඉල්ලා සිටියද එය ව්‍යර්ථ වී ඇත්තේ පාසල්වල ගුරුවරුන් පාසලේ සියලු ගෙදර වැඩ එවනුයේ ජංගම දුරකථනයට වට්ස් ඇප් හරහා වීම නිසා බවද දෙමාපියෝ පවසති.

කොවිඩ් සමයේ ඔන්ලයින් හරහා පටන්ගත් මෙම අධ්‍යාපනික ක්‍රියාවලිය තවමත් ඔවුන් පවත්වාගෙන යන බව දෙමාපියෝ කියති.

ජංගම දුරකථනයට ඇබ්බැහි වී සිටින තම දරුවන් එයින් මුදාගැනීමට ඔවුන්ගෙන් ජංගම දුරකථන ලබාගතහොත් දරුවන් කලහකාරී අන්දමින් හැසිරෙන බවද ඔවුහු කියා සිටිති. මෙම තත්ත්වය තුළ දැන්වත් පාසලෙන් ලබාදෙන ගෙදර වැඩ පාසල තුළදීම ලබාදෙන ලෙසත් වට්ස්ඇප් හරහා ජංගම දුරකථනයට කිසිවක් එවීමෙන් වළකින ලෙසත් දෙමාපියෝ ගුරුවරුන්ගෙන් ඉල්ලා සිටිති.

ප්‍රදීප් ප්‍රසන්න සමරකෝන්

advertistmentadvertistment
advertistmentadvertistment