ක්‍රිස්තුස්වහන්සේ මළවුන්ගෙන් උට්ථානය වීම (නැගිටීම) සිහිපත් කරන පාස්කු මංගල්‍යය හෙටට (20දා) යෙදෙයි.
මෙම මංගල්‍යය නිමිත්තෙන් පැවැත්වෙන දේව මෙහෙයන් සඳහා ශ්‍රී ලංකාවේ සියලුම කිතුණු දෙව්මැඳුරුවලට පොලිස් රැකවරණය යොදවන ලෙස පොලිස් මූලස්ථානය සියලුම පොලිස් ස්ථානවලට දැනුම්දීමක් කර ඇත.
මෙම ආරක්ෂක වැඩපිළිවෙළට ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ද සහය ලබාදෙන බව හමුදා මූලස්ථානය කියයි.
2019 වසරේ පාස්කුදා එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරවලින් ජීවිතක්ෂයට පත්වූවන් සිහිපත් කරමින් මෙදින විශේෂ යාඤ්ඤා සිදුකරන බව කොළඹ අගරදගුරු මැඳුර කියයි.
නෝමන් පලිහවඩන