පාස්කු කොමිසමේ නිර්දේශ ක‍්‍රියාත්මක කරන්න පමා කරන්නේ ඇයි?… ජාතික කතෝලික ප‍්‍රකාශක කමිටුව ජනපතිට පිටු 19 කින් යුත් ලිපියක් යවයි… සාරා සොයාගන්න බැරිවුණේ කිමද?

262

පාස්කු ප‍්‍රහාරය පිළිබඳ සොයා බැලීමට පත්කළ කමිටුවේ නිර්දේශ කි‍්‍රයාත්මක කරන ලෙස ඉල්ලා කොළඹ අගරදගුරු මැල්කම් රංජිත් කාදිනල්තුමා ප‍්‍රමුඛ රදගුරු මඬුල්ල සහ පියතුමන්ලා ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතා වෙත ඊයේ යැවූ ලිපියේ මෙසේද දැක්වේ.
 
 මන්දගාමීව සහ ඇතැම් පුද්ගලයන් ආරක්‍ෂා කරමින් සත්‍ය හෙළිදරව් වීම වැළැක්වීම පිණිස කුමන්ත‍්‍රණයක් සිදුවෙන බවද සාධාරණයක් ඉටුනොවුවහොත් විකල්ප කි‍්‍රයා මාර්ගවලට යෑමට සිදුවෙන බවද මෙම ලිපියෙන් කියවේ.
 
 2019 අපි‍්‍රයෙල් 21 පාස්කු ඉරුදින බෝම්බ ප‍්‍රහාරය සිදුවී මේ වන විට මාස 26 ක් ගතවී තිබේ. ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභාවේ අවසන් වාර්තාව නිකුත්වී මාස 05 කට ආසන්න කාලයක් ගතවී ඇත. නමුත් මේ ප‍්‍රහාරයට වගකිවයුත්තන්, එය සැලසුම් කළ පුද්ගලයන්, එම සමූල ඝාතනය වළක්වා ගත හැකිව තිබියදීත් තම වගකීම් පැහැර හැරියවුන් නිසියාකාරයෙන් සොයා ඔවුන් නීතිය ඉදිරියට පැමිණවීමේ කි‍්‍රයාවලිය මේ වනතුරුත් බොහෝදුරට මන්දගාමීව සිදුවීම පිළිබඳව අපගේ බලවත් කණස්සල්ල පළමුව ප‍්‍රකාශ කර සිටිමු.
 
 ජනතා මුදල් රුපියල් මිලියන ගණනාවක් වියදම් කොට කි‍්‍රයාත්මක කළ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ නිර්දේශ කි‍්‍රයාවට නැංවීම පමා කරන්නේද, අතපසු කරන්නේ ද කුමන කරුණක් නිසාදැයි ප‍්‍රශ්නයක් මෙහිදී මතුවේ. එහෙයින් පහත සඳහන් කරුණු කෙරෙහි ඔබගේ අවධානය යොමුකොට අගතියට පත් අයට යුක්තිය ඉටුකරලීම කඩිනම් කරන මෙන් අපි ඉල්ලා සිටිමු.
 
 ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 19 වන පරිච්ෙඡ්දයනම් කොට ඇත්තේ ‘වගවීම’ ලෙසය. එම පරිච්ෙඡ්දය ආරම්භ වන්නේ මෙසේය. ‘2019 අපේ‍්‍රල් 21 වන දින සිදුවූ තස්ත ප‍්‍රහාරය වැළැක්වීමට අපොහොසත් වීම සම්බන්ධයෙන් වගකිවයුතු සියලූ බලධාරීන් හඳුනා ගැනීමත්, සිය රාජකාරි ඉටුකිරීමට අපොහොසත් වූ සහ නොහැකියාව හේතුවෙන් නිසි පියවර නොගත් බලධාරීන් හඳුනා ගැනීමත් පරීක්‍ෂණ කොමිෂන් සභාව පිහිටුවන ලද නියෝග මගින් ඉල්ලා සිටී.
 
 ‘මෙම පරිච්ෙඡ්දයේදී පරීක්‍ෂණ කොමිෂන් සභාව විසින් ත‍්‍රස්තවාදී ප‍්‍රහාර වැළැක්වීමට දේශපාලන නායකත්වයේ සහ ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරීන්ගේ අසමත්කම විමසා බලයි’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම, 272 පිටුව*
 
 ඒ අතරින් දේශපාලන නායකත්වය දැරූ දෙදෙනකු වෙති.
 
 පාස්කු ඉරුදින ප‍්‍රහාරයට අදාළව 2019 අපේ‍්‍රල් 19 දිනට පෙර සිදුවූ සිද්ධීන් පිළිබඳ සාක්‍ෂි සැලකිල්ලට ගනිමින් කොමිෂන් සභාව විසින් ජනාධිපති මෛති‍්‍රපාල සිරිසේන මහතා පිළිබඳව ඉදිරිපත් කරන විමර්ශනය මෙසේය.
 
 ‘2019 අපේ‍්‍රල් 4 වන දිනට පෙර කරුණු පිළිබඳ සාක්‍ෂි සලසා බැලීමේදී, ජනාධිපති සිිරිසේන සිය රාජකාරී හා වගකීම් පැහැර හැර ඇති බවත්, මෙම අසාර්ථකත්වය හුදෙක් සිවිල් නොසැලකිලිමත්කම ඉක්මවා යන බවත් පරීක්‍ෂණ කොමිෂන් සභාවෙහි අදහසයි’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම 293 පිටුව*
 
 පාස්කු ප‍්‍රහාරයෙන් අනතුරුව සිදුවූ සිද්ධීන් පිළිබඳව ලැබුණ සාක්‍ෂි විමසීමෙන් අනතුරුව කොමිෂන් සභාව පහත සඳහන් නිර්දේශ ඉදිරිපත් කරයි.
 
 ‘සාක්‍ෂි මත පදනම්ව, ඉහත විස්තර කර ඇති කි‍්‍රයාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ ජනාධිපති සිරිසේනට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි’ (ජනාධිපති කොමිෂන් සභාව අවසාන වාර්තාව, පළමු වෙළුම, 295 පිටුව*
 
 අප දන්නා පරිදි කොමිෂන් සභාවේ ඉහත කී නිර්දේශය පිළිබඳව අදාළ රජයේ බලධාරීන් විසින් මේ දක්වා කිසිදු කි‍්‍රයාමාර්ගයක් ගෙන නැත. අඩු වශයෙන් මෙම නිර්දේශය කි‍්‍රයාත්මක කිරීමේ කටයුතු ආරම්භ කිරීමටවත් ගෙවී ගිය මාස 5 ක කාලය හොඳටම ප‍්‍රමාණවත් යැයි අපි විශ්වාස කරමු.
 
 අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා පිළිබඳව පාස්කු ප‍්‍රහාරයට අදාළව කොමිෂන් සභාව ඉදිරියේ ඉදිරිපත් වූ සාක්‍ෂි විමර්ශනයෙන් (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම, 295-308 පිටු* අනතුරුව කොමිෂන් සභාව දක්වා ඇති නිරීක්‍ෂණය පහතින් දක්වමු.
 
 ‘සාක්‍ෂි සලකා බැලීමේදී, අග‍්‍රාමාත්‍යවරයා ලෙස වික‍්‍රමසිංහ මහතා ඉස්ලාම් අන්තවාදය කෙරෙහි දැක්වූ ලිහිල් ප‍්‍රවේශය එවකට රජය කි‍්‍රයාශීලී පියවර ගැනීමට අපොහොසත් වීමට එක් ප‍්‍රධාන හේතුවක් බව පරීක්‍ෂණ කොමිෂන් සභාවෙහි මතයයි. ඉස්ලාම් අන්තවාදය, පාස්කු ඉරිදා ප‍්‍රහාරය දක්වා ඉස්ලාම් අන්තවාදය ගොඩනැඟීමට මෙය පහසුකම් සපයයි’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම, 308 පිටුව*
 
 රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ අගමැතිතුමන් ලෙස දක්වා ඇති මෙම ලිහිල් ප‍්‍රවේශය ලාමක වගකීම් පැහැර හැරීමක් බව අපගේ විශ්වාසයයි. එසේ තිබියදී කොමිෂන් සභාව අගමැති රනිල් වික‍්‍රමසිංහ මහත්මා අරබයා කිසිදු නිර්දේශයක් ඉදිරිපත් කොට නැත්තේ කුමන කාරණයක් පාදක කොටගෙනදැයි අපට ප‍්‍රහේළිකාවකි. එහෙත් මේ පිළිබඳව වැඩිදුර විමර්ශනය කළ යුතුය යන්න අපගේ මතයයි. එදා 19 වන සංශෝධනය තුළ විශේෂ බලතල හෙබවූ එතුමා එම වගකීම ලිහිල්ව වටහා ගැනීම බරපතළ වරදක් බව අමුතුවෙන් කිවයුතු නොවේ.
 
 ඉහත කී දේශපාලකයන්ට අමතරව පාස්කු ප‍්‍රහාරය වළක්වා
 
 නොගැනීම අරබයා රාජ්‍ය නිලධාරීන් තිදෙනකු සිය වගකීම් පැහැර හැර ඇති බව කොමිෂන් සභාව විසින් සිය අවසන් වාර්තාවේ දක්වා තිබේ.
 
 1. ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු
 
 2. සිසිර මැන්දිස් මහතා ප‍්‍රධානි ජාතික බුද්ධි සේවය
 
 3. නිලන්ත ජයවර්ධන මහතා අධ්‍යක්‍ෂ ජාතික බුද්ධි සේවය
 
 මේ අතරින් ආරක්‍ෂක ලේකම් හේමසිරි ප‍්‍රනාන්දු මහත්මා පිළිබඳව නීතිමය කටයුතු කි‍්‍රයාත්ම වී ඇති බව අපි දනිමු. අනෙක් දෙදෙනා පිළිබඳව කොමිෂන් සභාවේ නිර්දේශ පහත සඳහන් පරිදිය.
 
 01. සිසිර මැන්දිස් මහතා
 
 ‘සාක්‍ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති කි‍්‍රයාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහසයි. දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ සිසිර මෙන්ඩිස් මහතාට එරෙහිව අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම, 316-317 පිටු*
 
 02. නිලන්ත ජයවර්ධන මහතා අධ්‍යක්‍ෂ රාජ්‍ය බුද්ධි සේවය
 
 ‘සාක්‍ෂි මත පදනම්ව ඉහත විස්තර කර ඇති කි‍්‍රයාවන් හෝ අතපසු කිරීම් සම්බන්ධයෙන් ඔහුගේ පැත්තෙන් සාපරාධී වගකීමක් ඇති බව පරීක්‍ෂණ කොමිෂන් සභාවේ අදහසයි. එස්.ඞී.අයි.ජී. නිලන්ත ජයවර්ධන මහතාට එරෙහිව දණ්ඩ නීති සංග‍්‍රහයේ සුදුසු විධිවිධාන යටතේ අපරාධ නඩු පැවරීම නීතිපතිවරයා විසින් සලකා බැලිය යුතු බව පරීක්‍ෂණ කොමිෂන් සභාව නිර්දේශ කරයි’ (ජනාධිපති කොමිෂන් සභා අවසන් වාර්තාව, පළමු වෙළුම, 319-320 පිටුව*
 
 ජනාධිපති කොමිෂන් සභාව එසේ නිර්දේශ කර ඇතත් එම නිර්දේශයන් කි‍්‍රයාත්මක කිරීමට මේ දක්වා කිසිදු පියවරක් ගෙන නොතිබීම පමණක් නොව ඔවුනට උසස්වීම් ලබාදී තිබීමද අපට පිළිගත නොහැකි මෙන්ම නීතිය අවඥාවට ලක් කිරීමේ තත්ත්වයකි. එය මේ ප‍්‍රහාරවලින් මියගිය හා ආබාධිතයන් බවට පත්වූ අයටද එම වින්දිතයන්ගේ පවුල්වලටද දක්වන අගෞරවයකි. අමානුෂික නොසලකා හැරීමකි.
 
 ආ* ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ 20 වන පරිච්ෙඡ්දය නම්කොට ඇත්තේ ‘නීතිය බලාත්මක කරන බලධාරීන්ගේ අතින් සිදුවූ අතපසුවීම්’ ලෙසයි. ඒ යටතේ පහත සඳහන් නිලධාරීන් නම්කොට, නිර්දේශ ඉදිරිපත් කර තිබේ.
 
 01. පොලිස්පති පූජිත් ජයසුන්දර
 
 ඔහු පිළිබඳව නීතිය කි‍්‍රයාත්මක කිරීම ආරම්භ කර ඇති බව අපි දනිමු.
 
 මෙතෙක් එම ප‍්‍රහාරය පිළිබඳව ගණනාවකගේ නීතිය කි‍්‍රයාත්මක වී නැති හා එම ප‍්‍රහාරයට වගකිවයුතු තවත් පුද්ගලයන්ගේ නාම ලේඛනයක්ද සවිස්තරාත්මකව කාදිනල් හිමියන් මෙහි ඉදිරිපත් කර තිබේ.
 
 x සාරා, පාස්කු ප‍්‍රහාරය පිළිබඳව සිදුකරනු ලබන මුළු මහත් පරීක්‍ෂණයේම අතිශය වැදගත් සාක්‍ෂිකාරියක් බව අවිවාදිතය. ඇයට නිශ්චිතවම සිදුවූයේ කුමක්ද?
 
 x වසර දෙකක් පුරා ඇයව සොයා ගන්නට පරීක්‍ෂණ මෙහෙයවන කණ්ඩායම්වලට නොහැකි වූයේ ඇයි?
 
 x ඇයව මඩකලපුවේ සිට මන්නාරම කරා ගෙනගියා යයි කියන්නේ අම්පාර පොලිස් ගරාජයේ පොලිස් ස්ථානාධිපතිවරයකු නම්, පොලිසියට සාරා සමග තිබූ සම්බන්ධතාවය කුමක්ද?
 
 x පොලිසියට හෝ පොලිසිය මගින් වෙනත් පුද්ගලයකුට හෝ කණ්ඩායකට සාරාව වසන් කිරීමට අවශ්‍යතාවක් තිබුණේද?
 
 x ඒ කුමකටද?
 
 සාරාව මන්නාරම වෙත ගෙනගිය කලවන්චිකුඩි පොලිස් ස්ථානයට අනුයුක්තව සිටී. කලවන්චිකුඩි පොලිස් ප‍්‍රවාහන අංශය භාර නිලධාරි අබුබකර් දැන් සිටින්නේ සීඅයිඞී අත්අඩංගුවේය. සාරාට පැන යෑමට උදව් කළ අනෙක් දෙදෙනා වන්නේ ඇගේ නැන්දාගේ සැමියා සහ ඔහුගේ සහෝදරයාය. ඔවුන්ගෙන් එක් අයෙකු පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් තැනැත්තා විදේශ ගතවී ඇති බව අනාවරණය විය.
 
 x මන්නාරම් ප‍්‍රදේශයෙන් ඇය ඉන්දියාවට බෝට්ටුවෙන් පැනගිය බවට ඕනෑ තරම් සාක්‍ෂි ඇති බව පොලිස් පරීක්‍ෂක මාහින්කන්ද කොමිෂන් සභාව ඉදිරියේ සාක්‍ෂි දෙමින් පවසා තිබියදී ඇයව ඉන්දියාවෙන් මෙරටට ගෙන ඒමට රජය මෙතරම් ප‍්‍රමාද කරන්නේ ඇයි?
 
 x එම ප‍්‍රදේශයේ බලවත් පුද්ගලයකුගේ සහාය ඇයට ලැබී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් පරීක්‍ෂක මාහින්කන්ද වැඩිදුරටත් පවසා තිබේ. ඒ බලවත් පුද්ගලයා කවුරුන්දැයි රහස් පොලිසිය මේ දක්වා සොයාගෙන නැද්ද?
 
 එම වාර්තාවෙන් පහත කරුණු හා ප‍්‍රශ්නද අවධාරණය කර තිබේ.
 
 පාස්කු ඉරිදා සිදුවූ ත‍්‍රස්ත ප‍්‍රහාරය පිළිබඳව විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිෂන් සභා නිර්දේශයන්ට අමතරව පහත සඳහන් කරුණු කෙරෙහිද ඔබතුමන්ගේ අවධානය යොමු කිරීමට කැමැත්තෙමු.
 
 කටුවාපිටිය දේවස්ථානයට බෝම්බ ප‍්‍රහාරය එල්ල කළ හස්තුන්ගේ බිරිඳ වන පුලස්තිනි රාජේන්ද්‍රන් හෙවත් සාරා නමැත්තිය පිළිබඳ තොරතුරු තවමත් අභිරහසක්ව පවතී.
 
 එම්.එල්.ඒ.එම්. හිස්බුල්ලා මහතා සම්බන්ධයෙන් ජනාධිපති කොමිසම ඉදිරියේ ඉදිරිපත් වූ සමස්ත සාක්‍ෂි සහ නිර්දේශ ද පදනම් කරගෙන ඔහු සම්බන්ධයෙන් වැඩිදුරටත් පරීක්‍ෂණ පැවැත්විය යුතුය යන්න අපගේ ඉල්ලීමකි.
 
 ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවන්න ගිය ජමීල්ට ලැබුණු දුරකථන ඇමතුම කුමක්ද?
 
 ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවන්න ගිය ජමීල්ගේ නිවසට හමුදා බුද්ධි අංශයේ නිලධාරීන් කඩිනමින් ගියේ කෙසේද?
 
 එදා සීඅයිඞී එක භාරව සිටි ශානි අබේසේකර මහතා අත්අඩංගුවට ගත් හමුදා බුද්ධි අංශය රැුගෙන ගිය බුද්ධි අංශයේ නිලධාරියා කවුද?
 
 ටාජ් සමුද්‍රා හෝටලයේ බෝම්බය පුපුරවා ගන්නට ගිය ජමීල් නමැත්තාව හමුවූ බුද්ධි අංශ නිලධාරියා කවුද?
 

– නෝමන් පලිහවඩන

advertistmentadvertistment
advertistmentadvertistment