පාස්කු ප්‍රහාරය සම්බන්ධයෙන් අලුතින් සිදු කෙරෙන පුළුල් විමර්ශන සඳහා එම ප්‍රහාරය ගැන පරීක්ෂණ පවත්වා සියලු පොලිස් නිලධාරීන්ගේ නාම ලේඛනයක් රහස් පොලිසිය මගින් මේ වනවිට සකස් කෙරෙමින් පවතී.
ප්‍රහාරය පිළිබඳව අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් එම වකවානුවේ ප්‍රශ්න කළ ආකාරය මෙන්ම එම ප්‍රශ්න කිරීම්වලදී සිදුවූ අඩුපාඩු පිළිබඳව ද කරුණු සොයාබැලීම සඳහා මෙම නාම ලේඛන ද පිළියෙල කෙරේ.
මෙම පරීක්ෂණවලදී අනාවරණය වන තොරතුරු අනුව ඔවුන් රටෙන් බැහැරට යෑම වැළැක්වීම ද ආගමන සහ විගමන දෙපාර්තමේන්තුව කටයුතු කරයි.
නෝමන් පලිහවඩන