පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ කුමන්ත‍්‍රණකරුවන් හෙළිකරගැනීමට දෙවියන්ට යාඥා කරන බව කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් පියතුමා පැවැසීය.
කාදිනල්තුමන් එසේ පැවසුවේ පාස්කු ඉරිදා ප‍්‍රහාරයේ මහමොළකරුවන් මෙතෙක් නීතියේ රැුහැනට ඉදිරිපත් නොකිරීමට එරෙහිව විරෝධය පළකරමින් පෙරේදා (21දා) කිතුනු දේවස්ථානවල සහ කිතුනු නිවෙස්වල කළුකොඩි ඔසවමින් පැවැති විරෝධතාවට සමගාමීව අගරදගුරු මැදුරු පරිශ‍්‍රයේ පිහිටි දේවස්ථානයේදී විශේෂ දේව මෙහෙයක් පවත්වමිනි.
මෙම ප‍්‍රහාරය සම්බන්ධ විමර්ශනය කිරීම සඳහා පත්කළ ජනාධිපති කොමිසම මගින් හෙළිවූ තොරතුරුවලට අනුව අදාළ පුද්ගලයන්ට දඬුවම් කිරීමට කි‍්‍රයා නොකරමින් ආණ්ඩුව අත සෝදා ගැනීමේ කටයුත්තක යෙදී සිටින බව පෙනී යන බවත් එය කතෝලික ජනතාවගේ නොසතුටට කරුණක් බවත් කාදිනල්තුමා පැවසීය.
මෙම උද්ඝෝෂණ මාලාව කොළඹ අගරදගුරු මැදුරට පමණක් සීමා නොවී විවිධ පළාත් රැුසක කතෝලික පවුල් මීට එක්වූ බව ජාඇල මීගමුව කලාපය බාර ශාන්ත සාගර හෙට්ටිආරච්චි පියතුමා ‘දිවයින’ ට පැවැසීය.
මෙම උද්ඝෝෂණය වෙනුවෙන් කොළඹ අගරදගුරු මැදුරේ දෙව්මැදුරේදී කාදිනල් හිමියන් විශේෂ දේව මෙහෙයක්ද පැවැත්වූ අතර රට පුරා පැතිරී තිබෙන කොරෝනා තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය තත්ත්වය මත මෙම ‘‘කළු කොඩි’’ එසවීමේ උද්ඝෝෂණ ව්‍යාපාරය පෙරේදා සිදුකෙරුණි.
නෝමන් පලිහවඩන
|